Ads 468x60px

Pages

Thursday, April 22, 2010

පාරිභෝගික සේවයේ සිටින ඔබේ අවධානයටයි...!

අපි හැමෝම මිනිස්සු.ඇයි අපිට මිනිසා කියන්නේ?එහෙම කියන්නෙ මනසින් උසස් නිසයි.මනාව සිතා යමක් අවබෝධ කරගැනීමේ උසස් බුද්ධියක් අප සතුවන නිසාය.නමුත් හුඟක් අය තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරනවා අඩුයි.බුද්ධිමත් බව කියන්නෙ ඉගෙනගැනීමට ඇති හැකියාවට විතරක් නෙවේ.යම් කෙනෙක් කියන දෙයක් අවබෝධ කරගන්නටත් බුද්ධියක් තියෙන්න ඕන.
නමුත් ඇතැම් දුරකතන සමාගම් වල පාරිභෝගික අංශයේ සිටින අය පාරිභෝගිකයා ගැන චුට්ටක්වත් හිතන්නැහැ.එයාලට සමහරවිට අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උපාධියක් ඇති.එහෙම උපාධියක් තිබුන කියල පාරිභෝගිකාගෙන් එන පැමිණිලි නොසලකා හරින එක හරිද?ඔවුන් හිතනවා ඇති පාරිභෝගිකයා කියන්නේ කිසිත් නොදන්නා පුද්ගලයෙක් කියා.
මම මේ ගැන ලියන්න ඕන කියල හිතුනෙ මට වුණු සිද්ධියක් නිසා.මම කාලයක් Airtel GPRS පාවිච්චි කළා කියල මගේ කලින් සටහන් කියවපු අය නම් දන්නව ඇති.මම මේ කියන්නෙ ඒ දවස් වල වුණු සිද්ධියක්.මේ වගේ සිද්ධි දැනුත් ඕන තරම් වෙනවා.මට ආපහු මේ ළඟදිත් ඒ වගේ දෙයක් වුණා.ඒ නිසයි මේ සටහන ලියන්නෙ.
මම w200i මොබයිල් එකක් ආධාරයෙන් තමයි ඒ දවස් වල internet පාවිච්චි කළේ.හොඳට වැඩ කළා.නමුත් එක දවසක් හිටිහැටියේම ඒකෙ ගැටලුවක් ඇතිවුණා.හැබැයි ඊට කලින් දවසෙත් හොඳට වැඩ කළා.මැෂිමෙන් තියා mobile එකෙන්වත් internet හා සම්බන්ධ වෙන්න බැරිවුණා.මම ඒ mobile එකේ හැමදෙයක් ගැනම දන්නවා.මම දෙයක් ගැන පැමිණිලි කරන්න කළින් හොඳට හොයල බලනවා.ඒක මගේ පුරුද්දක්.ඉතින් මම Airtel GPRS වැඩ කරන්නැති හින්ද mobile එකේ settings reset කළා.ඊට පස්සෙ Mobitel GPRS settings දාගත්තා.ඒකෙන් ඉන්ටර්නෙට් හා සම්බන්ධ වෙන්න පුළුවන් වුණා.ඉතින් ඒ කියන්නෙ මගේ දුරකතනයේ දෝෂයක් නොමැති බව නේද?
ඉතින් මම Airtel එකට කථා කරල විස්තරේ කිව්වා.මම ගනිපු හැම වතාවකදිම සහයට ආවෙ ස්ත්‍රී පාර්ශවය.එයාලට විස්තර කිව්වම හැම වෙලාවෙම කියන්නෙ දුරකතනයෙ දැනට තියෙන settings ඉවත් කරල අලුතෙන් settings දාගන්න කියල.settings පිහිටුවාගෙන දුරකතනය අක්‍රීය කරල විනාඩි 5කින් විතර on කරන්නලු.එතකොට හරියාවිලු.මාත් ඒක දෙපාරක් විතර කළා.ඒත් හරිගියේ නැහැ.ඉතින් මම කිව්ව හරියන්නැහැ කියල.කොහොමහරි එක වතාවකදි පිරිමි කෙනෙක් answer කළා.එයාට සිද්ධිය මුල ඉඳන් කිව්වා.එයා කිව්වා එයාලගෙ network එකේ ගැටළුක් ඇතිවෙලා කියල මුළු ගාලු දිස්ත්‍රික්කෙටම බලපාන විදියට.ඒක හරි මොකද මම town එකේදිත් පරීක්ෂා කරල බලපු හින්ද.ඊට පස්සෙ තමයි මම නිහඬ වුනේ.ඇයි දෙයක් කිව්වම ටිකක් හොයල බලල පිළිතුරක් දෙන්න බැරි?
හරියට කතාව නම් තමන්ගෙ මොකුත් වැරැද්දක් නැහැ වගේ. :-/

Saturday, April 17, 2010

ශ්‍රී ලංකා ටෙලිකොම් කෝල් සෙන්ටර්

මේක පොඩි ආතල් සිද්ධියක්.දවසක් මම SLT call centre එ‍කට කතා කළා.සහයට ආවෙ ගැහැණු කෙනෙක්.voice එකෙන් නම් වැඩි වයසක් නෑ.දුරකතන අංකය ඉල්ලනවනෙ.මම ඉතින් 091******* කියල කියාගෙන ගියා.එයා 5 වතාවක් විතර අංකය ඉල්ලුවා.මාත් ඉතින් කිව්වා.එයා ටික වෙලාවකින් ඇහුවා "සර්, නුවර නොම්මරයක් නේද?" කියල. හිහ් හිහ් හී.......
මම කිව්වා "නෑ ගාල්ලෙන්" කියල.මොකුත් අඟවන්නැතුව හිටිය.හරි නෑනෙ නේද? :D :D
~පසුවදන~
ගාල්ල ප්‍රාදේශීය අංකය(Area code) 091
නුවර ප්‍රාදේශීය අංකය(Area code) 081

Thursday, April 15, 2010

දුරකථන සමාගම් සහ මගේ ඉන්ටර්නෙට් ඉතිහාසය


ඔක්කොටම කලින් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...! කියල ප්‍රාර්ථනා කරනවා.
දැන් එමුකො මාතෘකාවට.මම මුලින්ම අන්තර්ජාල සම්බන්ධතාවක් ලබා ගත්තේ slt city link CDMA දුරකතනයක් හරහා.භාවිතා කරපු කට්ටිය දන්නව ඇති ඒකෙ වේගය ගැන.තත්පරයකට කිලෝබයිට් 10ක් එන්නෙත් ගොඩක් කලාතුරකින්.එහෙම ලැබෙන්නෙ මො‍හොතකට විතරයි.ඇත්තටම ස්ථාවර(stable) සම්බන්ධතාවක් ලැබෙන්නැහැ.කොහොම වුනත් පාරිභෝගිකයට ලැබෙන්නෙ 2-5KB/s අතර වේගයක් තමයි.මම අවුරුදු කිහිපයක් භාවිතා කළා ඒක.ඊට පස්සෙ මම ටික කාලයක් Mobitel (GPRS)පාවිච්චි කළා.මුල් දවස් වල CDMA එකට සාපේක්ෂව වැඩි වේගයක් ලැබුණා.නමුත් ටික දවසක් යනකොට Google Home page එක load වෙන්නත් සෑහෙන්න වෙලා ගියා.මගේ ළඟ Dialog සිම් එකකුත් තිබුණ නිසා ඒකත් දාල බැලුව.ඒක Mobitel වලට වඩා නම් හොඳ තත්වෙක තිබුණා.ඒත් ලොකු වෙනසක් තිබුනෙ නැහැ.ඒක අත්හරින්න හේතු කීපයක්ම තිබුණා.ඇත්තටම මම Dialog පාවිච්චි නොකරන්නත් හේතු වුනේ මේ ටිකම තමයි.

  1. අසාධාරණ ලෙස පාරිභෝගිකයාගෙන් මුදල් අය කිරීම.(උදා:-ඩයලොග් පාරි‍භෝගික සේවය ඇමතීමේදී මුදල් අය කිරීම)
  2. පැකේජයක් ක්‍රියාත්මක කොට එහි කාල සීමාව අවසන් වීමෙන් පසු නැවත සාමාන්‍ය පරිදි අන්තර්ජාල කටයුතු කරගෙන යාමට එක් වතාවක් පමණක් ඉඩ සලසා දී තිබීම.(උදා:-ඔබ දෙවන වරටත් පැකේජයක් ක්‍රියාත්මක කළහොත් එහි කාල සීමාව අවසන් වීමෙන් පසු නැවත සාමාන්‍ය පරිදි internet භාවිතා කළ නොහැකි වීම.ඒ සඳහා නැවත වරක් අදාල settings ලබා ගත යුතු වේ.ඒ සඳහා පාරි‍භෝගික සේවය ඇමතිය යුතුය)
  3. Voice & SMS වලදීත් වැඩි ගාස්තුවක් අයකිරීම.
(දැන් තත්වය මීට වෙනස් වියහැකි බව කරුණාවෙන් සලකන්න)
ඉහත සඳහන් කළ හේතු නිසා මම Dialog වලින් අයින් වුණා.ඊට පස්සෙ Airtel (GPRS)වලට මාරු වුණා.ඇත්තටම Airtel අනිත් දෙකට සාපේක්ෂව(Mobitel & Dialog) ගොඩක් ඉදිරියෙන් හිටියා.හැම වෙලාවෙම 8-15KB/s ත් අතර වේගයක් ලැබුණා.මම දිගටම පාවිච්චි කළේ ඒක.නමුත් 2009 දෙසැම්බර් මාසයේ Airtel GPRS වල ගැටළුවක් ඇතිවුණා.එයාල ඒක ගොඩක් කල් යනකන් හැදුවෙ නැහැ.දැන් නම් හදල ඇති මට හිතෙන්නෙ.මම ඊට පස්සෙ Airtel පාවිච්චි කළේම නැහැ.
මම 3G mobile එකක් ගනිපු හින්ද පාවිච්චි කළේ Mobitel විතරයි.මොකද මම ඉන්න හරියට Mobitel 3G විතරයි තියෙන්නෙ.Mobitel 3Gත් මාස 3ක් විකර පාවිච්චි කළා.ඒක පාවිච්චි කරනකොට 20-40KB/s ත් අතර වේගක් ලැබුණා.හැබැයි සමහර වෙලාවට connect වෙනව විතරයි.දත්ත හුවමාරුවක් සිදුවෙන්නැහැ.මරු තමයි :D
දැන් මම පාවිච්චි කරන්නෙ slt broadband.මේක නම් ගොඩක් හොඳයි.
මගේ ජංගම දුරකතන සහකරු එදත් අදත් Mobitel ම තමයි.පොඩි පොඩි අඩුපාඩුකම් කීපයක් තිබුණට පාරිභෝගිකයට ගෙවන මුදලට සාධාරණයක් ඉටුකරන්නේ Mobitel විතරයි.එහෙනම් ගිහින් එන්නම්.Bye.Good Night...