Ads 468x60px

Pages

Monday, January 3, 2011

නව වසරට surprise.exe

මේක මට අද වුණු සිද්ධියක්.සමහරු නම් නමින්ම දන්නව ඇති.නොදන්න අයත් ඇති.අනික virus scanner පාවිච්චි නොකරන අයත් ඇති.මොකද මමත් කාලයක් එහෙම පාවිච්චි නොකර හිටිය.අද facebook පැත්තෙ ගියා.මගේ යාළුවෙකුගෙන් message එකක් ඇවිත් තිබුන.මේ තියෙන්නෙ ඒක.
ඉතින් message එකේ තියෙන link එක කවුරු වුනත් click කරනවනෙ.හැබැයි මම නම් එහෙම කළේ නැහැ.කොහොම වුනත් link වුනාම මේ වගේ පිටුවක් ‍load වේවි.මේ තියෙන්නෙ තනිකරම image එකක්.facebook එකේ ඉඳන් link එක click කරන නිසා ඒකෙම page එකක් විදියට පෙන්නල මුලා කරන්න තමයි එහෙම කරල තියෙන්නෙ.


image එක මතට mouse pointer ගෙනාවම status bar එකේ පේනව ".exe" ගොනුවක් බව.ඉතින් surprise එක මොකක්ද කියල බලනකන් ඉවසිල්ලක් නැතිව ඉන්න කෙනා click කළොත් අර .exe ගොනුව download වෙනව.ඒක open කළොත් වෙන දේ කියන්න ඕන නැහැනෙ.මේක විනාශකාරී පරිගණක වැඩසටහනක්.Avast වලට නම් අහුවෙනව.මම check කරල බැලුව.කාටහරි වැදගත් වෙයි කියල හිතුනු නිසයි ලිව්වෙ.

Byeee....