Ads 468x60px

Pages

Thursday, May 5, 2011

eBay fake sellers | Be careful

හ්ම් ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආව.ඉතින් කොහොමද කස්ටියට? අද නම් ආවෙ eBay කතාවක් අරගෙන.දැන් eBay එකෙන් ගොඩක් අය items ගන්නව ඇතිනෙ.මාත් ඔය වැඩේ පටන් අරගෙන ටිකක් කල්.දැනට items 7ක් අරගෙන තියෙනව.ඔක්කොම කිසි අවුලක් නැතිව ගෙදරටම ආව.හැබැයි මම මාර්තු 24 වෙනිද ගනිපු pen drive එක ආවෙ නැහැනෙ මාසයක් පහු වෙලත්.

මම ඉතින් දවස් ගනන් කර කර හිටිය මේ item එක ලැබෙනකම්.....අහ් වැඩේ කියන්නෙ මේක ආවෙ නැහැනෙ. :( බලන් ඉන්න එකේ තේරුමක් නැති හින්ද මම eBay එකේ case එකක් open කළා item එක නොලැබුනු බවට.seller ට කිව්වට පිළිතුරු ලැබුනෙත් නැහැ.case එක open කරල දවස් 7ක් ඉන්න එපැයි seller respond කරනවද බලන්න.ඔහොම දවස් 2ක් 3ක් විතර ඉන්නකොට seller විසින් item tracking information දාල තිබුන.තව දවස් 2ක් විතර යනකොට ලියුම් මාමා ඇවිත් බෙල් කරනව ගෙදරට.මම ඉතින් දන්නව දැන් නම් ඇවිත් තියෙන්නෙ මගේ item එක තමයි කියල :)
ගිහින් බලනකොට හරියටම හරි. :) ලියුම් කවරෙ අතට අරගෙන බලන කොට හරිම සැහැල්ලුයි.මම පොඩ්ඩක් තද කරල බැලුව..මට හිතාගන්න බැහැ මේකෙ මොකක් තියෙනවද කියල..හැබැයි pen එකක් නෙවේ කියල නම් 100%ක් විශ්වාසයි.හදිසියෙන්ම කැඩුව ලියුම......O o.....:O මේ බලන්නකො තිබුනු දේ. :'(


ඒ මිනිහ මට වැඩකට නැති කාසියක් එවල.ඌ මගේ සල්ලි හොරකන් කරල.මගේ විතරක් නෙවේ,මා ඇතුළුව 200 කගෙ.කාටවත් ලැබිල නැහැ උගෙ items.pen drives විතරක් නෙවේ portable hard drives,mobile phones...etc.හැබැයි මම උගෙන් item එක ගනිද්දි හොඳ feedback එකක් තිබුන.ඒකයි මම අහු වුනේ.මේ වෙද්දි උගෙ profile එක Negative feedback වලින් පිරිල.ඉතින් දැන් මොනව කරන්නද.

කරන්න තිබුනෙ එක දෙයයි.ඒ තමයි case එක escalate කරන එක.මම සිද්ද වුනු හැම දේම විස්තර කරල case එක escalate කළා.eBay එකෙන් දවස් 2කට විතර පස්සෙ මට full refund එකක් ලබා දුන්න.ඕක තමයි කතන්දරේ.

අවසානයේ කියන්න ඕන ධනිකගේ සිතුවිලි වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත.ධනික අයියටත් මගේ අවංක ස්තූතිය !