Ads 468x60px

Pages

Thursday, December 31, 2009

මගේ W200i ට වූ හදිය


අද දවස මට ටිකක් විශේෂයි.ඒ මොකද දන්නවද?මගේ ජංගම දුරකතනය අර‍ගෙන අදට හරියටම අවුරුද්දයි.එයා නමින් sony ericsson w200i.මේක තමයි මගේ ප්‍රථම mobile එක.නමුත් කණගාටුවට කාරණය තමයි හිටිහැටියේම මේක අක්‍රීය වීම :( අක්‍රීය වුණේ නම් අද නෙවේ මීට දින 18 කට කලින්.

හැබැයි අක්‍රීය වෙන්න කලින් පොඩි පොඩි ඉඟි ටිකක් ලැබුණා.මම ඒත් ඒ වෙලා‍වල් වල හිතුවෙ නැහැ මෙහෙම දෙයක් වෙයි කියල.ඒකනෙ කියන්නෙ "සිතු දේ නොම වේ නොසිතු දෙයම වේ" කියල.
මෙන්න මට දීර්ඝ කාලීනව පිළිවෙලින් ලැබුණු දෝෂ තත්වයන්...
  • යම් මෘදුකාංගයක්(software) පිහිටුවා ධාවනය(run) කිරීමට යාමේදී දුරකතනය ඉබේ ප්‍රථිපන(restart) ගැන්වීම.හැබැයි මෙහෙම වුණේ එක software එකකදි විතරයි.
  • පසු කාලීනව,තිබෙන sim එක ඉවත් කර වෙනත් සිම් එකක් යොදා On කළාට පසු ටික වේලාවකින් restart වීම.restart වීම සිදුවන්නේ දුරකතනය ක්‍රියාකාරී අවස්ථාවට පැමිණි පසුය.නමුත් හැම වෙලාවෙදිම මෙහෙම වුණේ නැහැ.
  • අක්‍රීය වීමට ටික කාලයකට ඉහතදී මෙය එක් වරක් පමණක් stuck වී ඇත(off කර on කිරීමෙන් ඒ අවස්ථාවේදී දෝෂය මගහැරුණි)
මේක අක්‍රීය වුණු දවසෙ උදේ ඉඳන් හවස් වෙනකන් වැඩ කළා.මම හවස දැක්ක මේකෙ sleeping clock එක නතර වෙලා බව.වෙලාව නතර වෙලා තිබුණෙ හවස 2:50 ට.මම දකිනකොට හවස 3:05 විතර ඇති.phone එක අතට ගත්තම දැනුණා ඒක සෑහෙන්න රත් වෙලා කියල.ඉතින් මම key ඔබල බැලුවා.ම්හ්හ්හ්......හරි ගියේ නැහැ නොවැ.ඉතින් මම off කලා ආපහු on කරන්න හිතාගෙන.මම හිතුවෙ කලින් වගේ පොඩි අවුලක් වෙන්න ඇති කියල.ඒත් අධික ලෙස රත්වී තිබීම නිසා පොඩි සැකයකුත් ඇතිවුණා. off නම් වුණා,ඒත් අවාසනාවට ආපසු on වුණේ නැහැ:-O මගේ හෘදස්පන්දන වේගයත් මේ වෙලාවෙදි වැඩි නොවූවා යැයි කියන්නට බැහැ.ඒක වෙනම කතාවක්.මුළු ඇඟම cool වෙලා ගියා :-/

මාත් දන්න වැඩ කෑලි ටික ඔක්කොම දැම්ම.ඒත් තිරයේ කිසිඳු සලකුණක් දැක ගැනීමට නොහැකි වුණා.computer එකටත් සම්බන්ධ කරල බැලුව memory card එකවත් ගනීද කියල බලන්න.වැඩක් වුණේ නැහැ.මට තිබුණු හදිස්සියට එවෙලෙම ගියා ඒක හදන්න දෙන්න.

ඉතින් මම ඒක හදන්න දීලත් දැන් දවස් 18ක් වෙනවා.මොන හැදිලිද...යන යන දවසට නෑ නෑ නෑ ....‍.තමයි.මට දැන් ඒක අහලම එපා වෙලා.මොනා කරන්නද ඉතින්,ඒක ඉල්ලගෙන ආව කියල මට හදාගන්නත් බැහැනෙ.mobile එක හදන්න දීපු තැනින් අරන් ගිහින් වෙන තැනකට දෙන්නත් හිතෙනවා. ඒත් ඉතින් මේ සෙතේම තමයි.මොකද මේ ලංකාවනෙ.phone එකේ IC එකක් පිච්චිලාලු.එයා ළඟ IC එක නැතිලු."හෙට ගේනවා...අනිද්දා ගේනවා...අහවල් දවසෙ එන්න...ඊට පස්සෙ දවසෙ එන්න.....",ඕක තමයි ඉතින් කතන්දරේ.මට දැන් හොඳටම එපාවෙලා.දැන් මට අලුත් mobile එකක් ගන්න සිත් පහළ වෙලා, ඇයි ඉතින් mobile phone හදන මනුස්සයට බාලගිරි දෝසෙනෙ.මම ඒ වුණාට තව ටිකක් ඉවසන්න ඕන.මගේ mobile එක ගැන පුංචි විස්තරයක් මෙතනින් බලාගන්න පුළුවන්.

මේ mobile එකේ 3G නම් නැහැ.‍camera quality ත් හොඳ මදියි.ඒත් sounds නම් එල.ඒකනෙ walkman කියන්නෙ.ඇත්තටම ගොඩක් හොඳට වැඩ කළා.මන්දගාමී(slow) ගතියක් පෙන්නුවෙ නැහැ.

අද දෙසැම්බර් 31.මේ මගේ 2009 අවුරුද්දට ලියවෙන අන්තිම ලිපිය.මේ එලඹෙන නව වසරෙ ඉඳල වත් තමන්ගෙන් අන් අයට ඉටුවිය යුතු යුතුකම් ඉටු කරන යහපත් සමාජයක් බිහි වේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරන‍වා.එහෙම වුණොත් කිසිම කෙනෙකුට කරදරයක් රස්තියාදුවක් නැතිව තමන්ගෙ වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යන්න හැකි වේවි.

මේ ලිපිය කියවන ඔයා ඇතුළු සියළු ලෝක වාසීන්ට ‍උදාවන්නා වූ න‍ව වසර සතුටින් පිරි සුභ නව වසරක් වේවා!