Ads 468x60px

Pages

Thursday, November 17, 2011

Windows Firewall

Windows Firewall එකෙන් වැඩක් ගමුද? :) සමහරවිට ඔයා මේ ක්‍රමය දැනටමත් දන්නව ඇති...නොදන්න කස්ටියටයි මේ කියල දෙන්නෙ.ඔන්න ඉතින් කියන්නෙපා හොර වැඩ කරන්න පොළඹවනව කියල.තාක්ෂණික පැත්ත තමයි කතා කරන්න යන්නෙ.

මුලින්ම බලමු මොකක්ද මේ Firewall කියන්නෙ කියල.පරිගණක අතර unauthorized හෝ අනවශ්‍ය(unwanted) සන්නිවේදනයන් වැළැක්වීම සඳහා භාවිතා කරනු ලබන technological barrier එකකට තමයි firewall ක් කියන්නෙ.

හරි මාතෘකාවට එමුකො.ගොඩක් අය use කරන්නෙ genuine software නෙමෙයි නේද?මාත් එහෙම තමයි,ඒක වෙනම කතාවක් :D.හැබැයි සමහර software හොරට active කළාම පොඩ්ඩක් අවුල් යනව.උදාහරණයක් විදියට හිතමු අපි trial version එකක් අරගෙන ඒකට cracking software එකක් ආධාරයෙන් serial number එකකුත් දුන්න කියල.key එකත් වැඩ.හැබැයි අන්තර්ජාල සම්බන්ධතාවය ලැබුණු සැනින් key එක වැරදියි කියල පෙන්නනව.මේකට හේතුව තමයි අදාළ මෘදුකාංගයේ activation process එක internet connection එක ලැබුණු සැනින් background එකේ ක්‍රියාත්මක වීම.serial numbers කොපමණ ප්‍රමාණයක් යෙදුවත් හොර එක කොහොමත් අහුවෙනව.මම කියන්න යන්නේ මේකට විසඳුමක්...

අතිශයින්ම windows 7 users ල සඳහා පමණි.....අනිත් අයත් දැනගැනීම පිණිස කියවන්න.....

මේ විදියට පියවර ටික කරන්න.මම ගොඩක් කෙටියෙන් පැහැදිලි කරන්නම්.

Start ක්ලික් කර start menu search එකේ firewall කියල type කරන්න.දැන් "windows firewall with advanced security" ක්ලික් කරන්න.
ලැබෙන window එකේ වම් පැත්තෙ තියෙනව "Inbound rules","Outbound rules".එතනින් "Outbound rules" select කරන්න.දැන් window එකේ දකුණු පැත්තෙ තියෙනව "New rule" කියල option එකක්.ඒක ක්ලික් කළාම "New Outbound rule wizard" open වේවි.ඒකෙන් "program" තෝරල next කරන්න.
දැන් "This program path" select කරල ඔයාට block කරන්න ඕන software එක තෝරල දෙන්න.

මෙහි software එක තේරීමේදි "program files" තුළට ගොස් අදාළ software folder එක තුළ ඇති .exe ගොනුව ලබා දෙන්න.Next කර "Block the connection" තෝරන්න.ඊළඟ පිටුවේ වෙනසක් සිදුකළ යුතු නැහැ(සියල්ලටම tick).අවසානයේ අපි හදපු rule එකට කැමති නමක් ලබාදී finish කරන්න.

දැන් "windows firewall with advanced security" window එකේ "Outbound rules" වලට අපි හදපු rule එක add වෙලා ඇති.මේක තමයි විසඳුම.දැන් software activation process එක ක්‍රියාත්මක වෙන්නැහැ.හැබැයි serial number එක දෙන වෙලාවට internet connection එක විසන්ධි කරන්න අමතක කරන්න එපා.

screenshots දැම්මෙ නැහැ තේරුම් ගන්න පුළුවන් නිසා.එහෙනම් අලුත් ලිපියකින් නැවත හමුවෙමු.



Wednesday, July 20, 2011

SLT ADSL speed

ඔයා පාවිච්චි කරන්නෙ SLT ADSL entree package එකද?එහෙනම් පොඩි උදව්වක් කරන්න.මේ අඩවියට ගිහින් ඔයාගෙ speed එක check කරල link එක දාන්න.site එකට යන්න මෙතන click කරන්න.මගේ connection එකේ ලොකු අවුලක් ඇවිත්.මට 512Kbps වගේ ලැබෙන්නෙ.මතක ඇතුව entree package එක පාවිච්චි කරන අය විතරයි.link එක copy කර ගන්න දන්නවනෙ?
මේ තියෙන්නෙ දැන් කරපු speed test 2ක්. :(



ස්තූතියි...!

Tuesday, June 21, 2011

සාමාන්‍ය කෙනෙකුට ලංකාවේදී මිළදී ගත හැකි හොඳම laptop වර්ගය කුමක්ද? | Survay results has been released

මුලින්ම vote/comment කරපු හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනව.results දාන්නත් post එකක් ලියන්නෙ සමහරුන්ට vote කළාට final results බලන්න අමතක වේවි කියල හිතුනු නිසා.මෙන්න final results.

Apple සහ Asus වලට සමාන ඡන්ද ප්‍රමාණයක් තමයි ලැබී තිබුනෙ.මට list එකට sony brand එක ඇතුළත් කරන්න අමතක වුනා.ඒ ගැන කණගාටුයි.හැබැයි comment කරපු කට්ටියටත් අමතක වෙලා...හි හි....ඒ නිසා ෂේප්.....:D

Sunday, June 19, 2011

සාමාන්‍ය කෙනෙකුට ලංකාවේදී මිළදී ගත හැකි හොඳම laptop වර්ගය කුමක්ද? | One day survey

ඔයා use කරන්නෙ laptop එකක්ද? එහෙමත් නැත්නම් laptop ගැන ප්‍රමානවත් දැනුමක් තියෙන අයෙක්ද? මෙන්න laptop එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට උදව්වක් කරන්න අවස්ථාවක්.මම ඔයාලට vote කරන්න අවස්ථාවක් සැලැස්සුව.ඊට අමතරව ඒ list එකේ සඳහන් නොවුනු brands තියෙනව නම් comment එකකින් හරි දැනුවත් කරන්න.හොඳ නරක කියන්නත් අවස්ථාවක් තියෙනව.vote කරන්න දවසක් ඇති නේද?පොඩි click එකක් දාන්නනෙ තියෙන්නෙ.දකුණු පැත්තෙ උඩින්ම දාල තියෙනව survey එක.

ස්තූතියි !

Saturday, June 18, 2011

CD Eject Tool | Software Collection

අද නම් බොහොම කෙටි ලිපියක් තමයි ලියන්නෙ.ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන මේ මෘදුකාංගය.ඉතින් කැමති කට්ටිය ඉන්නවනම් download කරගන්න.dial up internet user කෙනෙකුට වුනත් ඉතාම පහසුවෙන් ලබාගන්න පුළුවන් ප්‍රමාණයේ ගොනුවක්(540 KB).

මේක download කරගෙන ඒ මත click(double click) කළාම run වෙනව.(installation progress නැහැ).application එක run වුනාම system tray එකේ CD icon එකක් (හෝ ඔයාගෙ පරිගණකයේ ඇති CD/DVD drive ගණනට සමාන icons ගණනක්) දකින්න පුළුවන්.අදාල drive එක drive letter එකෙන් අඳුනගන්න පුළුවන්.ඉතින් ඒ මත click කළාම drive door එක open වේවි.නැවත click කළාම close වේවි.හරි පහසුයි නේද?

මේකෙ ඕනෙ නම් shortcut keys යොදාගන්න පුළුවන්.හැබැයි එතකොට ගැටලුවක් එනව.ඒ නිසා click කරල open/close කරන්න.

තව පොඩි පොඩි පහසුකම් කීපයක් තියෙනව.පාවිච්චි කරනකොට ඒව තේරුම් ගන්න පුළුවන්.ප්‍රයෝජනවත් වෙයි කියල හිතුනු හින්ද දැම්මෙ, එහෙනම් ගිහින් එන්නම්....

Download CD/DVD Eject Tool

Thursday, May 5, 2011

eBay fake sellers | Be careful

හ්ම් ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආව.ඉතින් කොහොමද කස්ටියට? අද නම් ආවෙ eBay කතාවක් අරගෙන.දැන් eBay එකෙන් ගොඩක් අය items ගන්නව ඇතිනෙ.මාත් ඔය වැඩේ පටන් අරගෙන ටිකක් කල්.දැනට items 7ක් අරගෙන තියෙනව.ඔක්කොම කිසි අවුලක් නැතිව ගෙදරටම ආව.හැබැයි මම මාර්තු 24 වෙනිද ගනිපු pen drive එක ආවෙ නැහැනෙ මාසයක් පහු වෙලත්.

මම ඉතින් දවස් ගනන් කර කර හිටිය මේ item එක ලැබෙනකම්.....අහ් වැඩේ කියන්නෙ මේක ආවෙ නැහැනෙ. :( බලන් ඉන්න එකේ තේරුමක් නැති හින්ද මම eBay එකේ case එකක් open කළා item එක නොලැබුනු බවට.seller ට කිව්වට පිළිතුරු ලැබුනෙත් නැහැ.case එක open කරල දවස් 7ක් ඉන්න එපැයි seller respond කරනවද බලන්න.ඔහොම දවස් 2ක් 3ක් විතර ඉන්නකොට seller විසින් item tracking information දාල තිබුන.තව දවස් 2ක් විතර යනකොට ලියුම් මාමා ඇවිත් බෙල් කරනව ගෙදරට.මම ඉතින් දන්නව දැන් නම් ඇවිත් තියෙන්නෙ මගේ item එක තමයි කියල :)
ගිහින් බලනකොට හරියටම හරි. :) ලියුම් කවරෙ අතට අරගෙන බලන කොට හරිම සැහැල්ලුයි.මම පොඩ්ඩක් තද කරල බැලුව..මට හිතාගන්න බැහැ මේකෙ මොකක් තියෙනවද කියල..හැබැයි pen එකක් නෙවේ කියල නම් 100%ක් විශ්වාසයි.හදිසියෙන්ම කැඩුව ලියුම......O o.....:O මේ බලන්නකො තිබුනු දේ. :'(


ඒ මිනිහ මට වැඩකට නැති කාසියක් එවල.ඌ මගේ සල්ලි හොරකන් කරල.මගේ විතරක් නෙවේ,මා ඇතුළුව 200 කගෙ.කාටවත් ලැබිල නැහැ උගෙ items.pen drives විතරක් නෙවේ portable hard drives,mobile phones...etc.හැබැයි මම උගෙන් item එක ගනිද්දි හොඳ feedback එකක් තිබුන.ඒකයි මම අහු වුනේ.මේ වෙද්දි උගෙ profile එක Negative feedback වලින් පිරිල.ඉතින් දැන් මොනව කරන්නද.

කරන්න තිබුනෙ එක දෙයයි.ඒ තමයි case එක escalate කරන එක.මම සිද්ද වුනු හැම දේම විස්තර කරල case එක escalate කළා.eBay එකෙන් දවස් 2කට විතර පස්සෙ මට full refund එකක් ලබා දුන්න.ඕක තමයි කතන්දරේ.

අවසානයේ කියන්න ඕන ධනිකගේ සිතුවිලි වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත.ධනික අයියටත් මගේ අවංක ස්තූතිය !

Monday, January 3, 2011

නව වසරට surprise.exe

මේක මට අද වුණු සිද්ධියක්.සමහරු නම් නමින්ම දන්නව ඇති.නොදන්න අයත් ඇති.අනික virus scanner පාවිච්චි නොකරන අයත් ඇති.මොකද මමත් කාලයක් එහෙම පාවිච්චි නොකර හිටිය.අද facebook පැත්තෙ ගියා.මගේ යාළුවෙකුගෙන් message එකක් ඇවිත් තිබුන.මේ තියෙන්නෙ ඒක.
ඉතින් message එකේ තියෙන link එක කවුරු වුනත් click කරනවනෙ.හැබැයි මම නම් එහෙම කළේ නැහැ.කොහොම වුනත් link වුනාම මේ වගේ පිටුවක් ‍load වේවි.මේ තියෙන්නෙ තනිකරම image එකක්.facebook එකේ ඉඳන් link එක click කරන නිසා ඒකෙම page එකක් විදියට පෙන්නල මුලා කරන්න තමයි එහෙම කරල තියෙන්නෙ.


image එක මතට mouse pointer ගෙනාවම status bar එකේ පේනව ".exe" ගොනුවක් බව.ඉතින් surprise එක මොකක්ද කියල බලනකන් ඉවසිල්ලක් නැතිව ඉන්න කෙනා click කළොත් අර .exe ගොනුව download වෙනව.ඒක open කළොත් වෙන දේ කියන්න ඕන නැහැනෙ.මේක විනාශකාරී පරිගණක වැඩසටහනක්.Avast වලට නම් අහුවෙනව.මම check කරල බැලුව.කාටහරි වැදගත් වෙයි කියල හිතුනු නිසයි ලිව්වෙ.

Byeee....