Ads 468x60px

Pages

Wednesday, November 3, 2010

මේකත් SLT කතාවක්

මේකත් ඉතින් කලින් එක වගේ තමයි.මේකයි සිද්ධිය.ඔයාලට මතකයි නේද SLT(Sri Lanka Telecom) ළගෙ Twenty20 promotion එක?ඒ දවස් වල තමයි මේක වුනේ.දිගටම කියවන්නකො. :)

අපේ පැත්තෙ කට්ටිය ඒ දවස් වල අලුතෙන් connection ගත්ත.:D
ඉතින් අපේ ගෙදරට ඉස්සරහ ගෙදරටත් telecom එකෙන් ආව.මම ඉන්නෙ ඉස්සරහ කාමරේ නිසා ජනේලෙන් ඔක්කොම පේනවනෙ.මම ඉතින් සුපුරුදු පරිදි internet එකේ තමයි හිටියෙ වැඩක් කර කර.ඉතින් මේ හොඳට තිබිච්ච සම්බන්ධතාවය එක එකපාරම විසන්ධි වුනා.

මම ගිහින් phone එක වැඩද කියලත් බැලුව.ඒත් නැහැ.
මම හිතුව ඉතින් telecom එකේ අය වැඩ නිසා වෙන්නැති කියල.ඒ පාර මැෂින් එකත් off කරල වෙන වැඩක් කළා.ඉතින් අරගොල්ලන්ට අලුත් සම්බන්ධතාවය ලබා දීල telecom එකේ කට්ටියත් ගියා.මම හවස 6 ට විතර බැලුව අපේ phone එක වැඩද කියල.ඒත් නැහැ.

ආ මට කියන්න අමතක වුනානෙ.මේ සිද්ධිය වෙන කොට අපේ ගෙදරට phone bill එකත් ලැබිල තිබුන.බිල රු.4578 ක්.බිල ගෙවන්න තිබුනෙ ගිය මාසෙ 25 වෙනිදට.මේ සිද්ධිය වුනේ ඊට සතියකට විතර කළින්.

දැන් ඉතින් රෑ වෙලා.phone එකත් වැඩ නැහැ.මම අපේ ගෙදරට අල්ලපු ගෙදරින් ඇහුව phone එක වැඩද කියල.එයාලගෙ වැඩ.මම කෝකටත් කතා කළා telecom එකට මගේ mobitel එකෙන්.විනාඩි 15ක් විතර ඉන්න වුනා.ඔන්න ඒ පාර කොලු ගැටයෙක් ඇවිත් answer කළා.මම විස්තරේ කිව්ව.මගේ නමත් එහෙම අහගෙන ටික වෙලාවකින් මේ මනුස්සය ගත් කටටම කිව්වෙ නැද්ද "සර් ගෙ බිල නම් 4578 ක් තියෙනව" කියල...:D

මමත් ඉතින් කිව්ව ඒක ගෙවන්න තියෙන්නෙ 25 වෙනිදට කියල.ඒ පාර එයා සද්ද නෑ. complain එකක් දාන්නම් කිව්ව.මේ මනුස්සය කිව්ව විදියට මගේ බිල රු4578 ක් නිසා බ්ල ගෙවන්න තියෙන දවසටත් කලින් විසන්ධි කරල.මේ වගේ කතා කියන කට්ටියත් ඉන්නවනෙ ඉතින්...:(

කොහොම වුනත් මම ඊට පස්සෙ දවසෙ ටෙලිකොම් එකට ගියා.එතන හිටපු මිස් කෙනෙක් මගෙන් විස්තරේ ඇහුව.මම ඉතින් සම්පූර්ණ විස්තරේම කිව්ව.ඉස්සර ගෙදරට connection එක දීපු වෙලාවෙ තමයි කිව්ව මේක වුනේ.මිස්ටත් හිනා ඒක කිව්වම.:D
මම රෑ complain කරපු බවත් කිව්ව.ඒ මනුස්සය මට කියපු දේවලුත් කිව්ව.මිස් කිව්ව එහෙම විසන්ධි කරන්නැහැ කියල.මිසුත් එවෙලෙම call එකක් දීල විස්තරේ කිව්ව.කැඩිල වෙන්නැති කිව්ව.හදන්න එවන්නම් කිව්ව.

මම ගෙදර එනකොට telecom එකෙන් ඇවිත් හදනව.ඊට පස්සෙ වැඩේ ගොඩ. :)

Tuesday, November 2, 2010

SLT ADSL

ඔන්න අද නම් කතා කරන්නෙ Internet සම්බන්ධව.මේක ඊයෙ වුනේ.කෙටියෙන් කිව්වොත් අන්තර්ජාල ගැටළුවක්.
මේකයි සිද්ධිය.මගේ Internet speed එක ගොඩක් අඩුවුනා පහුගිය දවස් ‍වල.දවස් 3ක 4ක වගේ ඉඳන්.හැම වෙලාවෙම එහෙමමයි.අනික නිතරම වගේ disconnect වෙනව.මම speed test කීපයකුත් කළා.මේ තියෙන්නෙ ඒව.මේව ගත්තෙ ඊයෙ.

කොහොමද ADSL ස්පීඩ් එක?මම පාවිව්වි කරන්නෙ 512 Kb/s පැකේජයක්.හරිම ෂෝක් නේද?හරි හරි ඉන්නකො ඉතුරු ටික කියනකන් :)

බැරිම තැන මම ඊයෙ කතා කරල කිව්ව සිද්ධිය.පැමිණිල්ල දාල පැයකට විතර පස්සෙ slt එකෙන් කතා කරල විස්තරේ ඇහුව.මම විස්තරේ කිව්වම එයාල කිව්ව මගේ connection එකේ speed අඩු බවක් තියෙනව තමයි කියල.කට්ටියක් එවන්නම් කිව්ව.කිව්ව වගේම කට්ටියක් ඇවිල්ල හදල දීල ගියා ඊයෙම.මම හිතුවෙ ගොඩක් කල් යයි කියල වැඩේට.
මේ විදියට සේවා සපයනවනම් කොච්චර හොඳද?එතකොට ඒ ආයතන කෙරෙහි මිනිස්සුන්ගෙ ඇති කැමැත්ත වැඩි වෙනව.එහෙම නේද?
අපි හැම දේකම නරක මෙන්ම හොඳත් දකින්න ඕන.ඒකයි මේ සටහන ලිව්වෙ.ගිහින් එන්නම්...

Thursday, October 28, 2010

ඔයත් බයිසිකල් පදිනවනම් මේක කියවන්න.

මේක මට වුනු සිද්දියක්.මම වලංගු රියදුරු බලපත්‍රයක් හිමි අයෙක්.හැබැයි ඉතින් අත්දැකීම් නම් ගොඩක් අඩුයි.තවම පොඩි එකානෙ ;-)

හරි ඉතින් කතාව කියන්නම්කො.මම මේක කියන්න හිතුවෙ කාට හරි වැදගත් වෙයි කියල මට හිතෙන නිසා.මම දවසක් යතුරුපැදියෙන් යාළුවෙකුගෙ ගෙදර ගියා.ඒ යන අතරතුර තමයි මේක වුනේ.කාපට් කරපු පාර නිසා ඉතින් ටිකක් වේගෙන් ගියා.හැබැයි ගොඩක් වේගෙන් නෙමෙයි.50 km/h ක විතර වේගයකින්.ඉදිරියෙන් ත්‍රීරෝද රියක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රියක් ගමන් කරමින් තිබුන.මම ත්‍රීවීලරය පසු කළා.දැන් මට ඉදිරියෙන් වෑන් රිය ගමන් කරනව.
මොකද වුනේ....???
හදිසියේම වෑන් රිය වේගය අඩුකළා..මට මොකද වුනේ??මොනව වෙන්නද ඉතින් ක්ෂණයකින් තිරිංග යෙදුව මගෙ කකුල මටත් නොදැනිම...
මට හිතාගන්න බැරිවුනා එකපාරටම මොකද වුනේ කියල.බයිසිකලේ පිටුපස දරුණු ලෙස දෙපසට වැනෙන්න ගත්ත.හිතන්න එපා ගොඩක් වෙලා ගියා කියල මේ සිදුවීමට.ක්ෂණයකින් සියලු දේ සිදුවුනා.මම බිම නොවැටි බේරුණේ පුදුම වාසනාවකට.කකුල් දෙකෙන් තමයි පාලනය කරගත්තෙ.වෑන් රිය එහෙමම ඉදිරියට ගියා.මම බොහොම අමාරුවෙන් පාර අයිනෙන් බයිසිකලේ නවත්තගත්ත.ත්‍රීරෝදකරු තමා සිද්ධිය හොඳටම දකින්න ඇත්තෙ මම හිතෙන්නෙ.
එහෙම වුනේ බයිසිකලේ පිටුපස තිරිංග හිරවීම නිසා.ගමන් කරනකොට ක්ෂණිකව රෝදය නතර වුනාම වෙන දේ හිතාගන්න අපහසු නැහැ නේද.

ඊට පස්සෙ මම බොහොම හෙමින් යාළුවගෙ ගෙදර ගියා.
ඒක මට නම් කවදාවත් අමතක නොවන අත්දැකීමක්.අපි වාහනයක් පදවන්න ගන්න කොට ඒවගෙ දේවල් වෙයි කියල බලාපොරොත්තු වෙන්න ඕන.හැම දේකටම සූදානමින් ඉන්න ඕන.අනික අධික වේගයෙන් ගියා නම් මේ අනතුර මෙයින් කෙළවර වෙන්නෙත් නැහැ.
ඒ නිසා හැමෝම තමන්ට පාලනය කරගන්න පුළුවන් වේගයකින් වාහනය පදවන්න ඕන.බයිසිකල් විතරක් නෙවේ ඕනම වාහනයක්.
බයිසිකල් වල යන අය අනිත් අයට වඩා ගොඩක් අනාරක්ෂිතයි.ඒ බවත් හොඳට මතක තියාගන්න.අනික වාහනයේ දෝෂ ඇතිවන වෙලාවල් අපිට කියන්න බැහැනෙ.ඒ නිසා ඔයා පරිස්සම් වෙන්න.මම හිතනව මේ සටහන කාටහරි වැදගත් වෙයි කියල.ගිහින් එන්නම්....

Wednesday, October 27, 2010

I installed Windows 7

ඔන්න මම මේ සටහන ලියන්නෙ windows 7 වල ඉඳන්.මම පරිගණකය අරගෙන දැන් අවුරුදු 5කටත් කිට්ටුයි.ඉතින් ගොඩක් කල්නෙ.ඒ වෙලාවෙ මේක ගන්න සෑහෙන්න මුදලක් ගියා.දැන් නම් මිළ ගොඩක් අඩුයි.මම ඉතින් ගනිපු දවසෙ ඉඳල භාවිතා කළේ Windows XP.ඒ දවස් වල තිබුනු හොඳම Operating System එක තමයි ඒ(මම දන්න විදියට).අනික මම ඒ කාලෙ Linux ආශ්‍රිත මෙහෙයුම් පද්ධති ගැන දැනගෙන හිටියෙත් නැහැ.

ඉතින් අලුත් මෙහෙයුම් පද්ධතියක් ආවම කාට වුනත් ආසාවට පාවිච්චි කරල බලන්න හිතෙනවනෙ.ඔහොම ඉන්නකොට තමයි windows Vista ආවෙ.ඉතින් ඒකට අවශ්‍ය කරන පද්ධති අවශ්‍යතා කොහෙන් හොයන්නද? :D
මම සුපුරුදු පරිදි XP ම පාවිච්චි කළා.ඇත්තටම අපේ වැඩකටයුතු වලට ඒක හොඳටම ප්‍රමාණවත්.දැනටත් එහෙම තමයි.

කොහොම වුනත් Vista එච්චර ජනප්‍රිය වුනේ නැහැනෙ.මම නම් දන්නැහැ ඇයිද කියල,මොකද මම ඒක පාවිච්චි කරල නැති නිසා.එක දවසක් මම යාළුවෙකුට විස්ටා install කරල දුන්න එයාගෙ ඉල්ලීම මත.මිනිහ ඒක දවස් දෙක තුනකින් අයින් කරල.ඊට වඩා xp හොඳයිලු :D

ඉතින් ඔහොම ඉන්නකොට තමයි Windows 7 ආවෙ.ඒක ඇවිල්ලත් ගොඩක් කල්නෙ.මම මේ ළඟදි මැෂිම upgrade කළා.ඉතින් ඒක නිසා windows 7 ස්තාපනය කරගන්න පුළුවන්කමක් ඇතිවුනා.දැන් මේක දාල සතියක් විතර ඇති.තිබිච්ච ලොකුම අවුල තමයි දවස් 30කින් expire වන එක :-/
ඒකටත් පිළියමක් හොයාගත්ත;-) හැබැයි හෙන කට්ටක් කන්න වුනා ඒක කරන්න ගිහින්.කොහොම වුනත් දැන්නම් ඉතින් කල් ඉකුත් වෙන්නැහැ.ඒ ගැන සතුටුයි.ඊට පස්සෙ මට අත්‍යවශ්‍ය මෘදුකාග ටිකකුත් දාගත්ත.

ඊට පස්සෙ තිබුනු ලොකුම අවුල තමයි sounds නැතිකම.මම Drivers ස්තාපනය කරන්න උත්සාහ කළා,ඒත් ඒක කරන්න බැරි වුනානෙ.ඉතින් එතකොට තමයි එක පාරටම "ශාකුන්තලගේ සටහන් පොත" මතක් වුනේ.මට මතකයි මේකට පිළියමක් එතන තිබුනු බව.ඉතින් පීරල පීරල ඒකත් හොයාගත්ත.මේ තියෙන්නෙ ඒ සටහන.ඉතින් ශාකුන්තල අයියට පින් සිද්ද වෙන්න ඒ ගැටළුවටත් පිළියම හොයාගත්ත.

දැන් ඉතින් තව ප්‍රශ්නයක් තියෙනව.ඒ මොකක්ද දන්නවද? ඒ තමයි දිගටම වින්ඩෝස් 7 භාවිතා කරනවද නැද්ද කියන එක :D

Sunday, October 24, 2010

Internet Problems

අද මම සටහනක් ලියන්න නම් නෙවේ බලාපොරොත්තු වෙන්නෙ.මේක සාකච්ඡාවක්.එමුකො මාතෘකාවට.
අපි Internet භාවිතා කරනකොට විවිධ ගැටළු මතු වෙනව.එහෙම එකක් තමයි මේක.

මම මේක අත්හදා බලපු දෙයක්.මගේ ISP(Internet Service Provider) තමයි SLT.මම පාවිච්චි කරන්නෙ SLT ADSL.මට මේ වන විට සමහර අඩවි වලට සම්බන්ධ වීමට නොහැකියි.හැබැයි ඔයා කියයි තහනම් අඩවියක් කියල.නෑ එහෙම එකක් නෙවේ.මේ සම්බන්ධ වීමට නොහැකි අඩවි අසභ්‍ය දර්ශන කිසිවක් ඇතුළත් අඩවි නෙවේ.ගොඩක් වැදගත්කමක් තියෙන අඩවියි.

මම මගේ සම්බන්ධතාවයෙන් සම්බන්ධ විය නොහැකි නිසා Mobitel වලින් උත්සාහ කළා.ඒත් බැරි වුනා.එක පවුලෙ කට්‍ටිය නිසා වෙන්නැති නේද?ඒ නිසා Airtel වලින් උත්සාහ කළා.ඒකෙන් සම්බන්ධ වෙන්න පුළුවන් වුනා.දැන් ඉතින් තහනම් කළ අඩවියක් කියල කියන්න බැහැනෙ.මේ ගැටළුවට හේතුව ISP නේද?

අපි මේ ගැටළුව නිරාකරණය කරගන්නේ කොහොමද?

ඉතින් මේ සම්බන්ධව ඔයා දන්න දේ හැමෝටම දැනගන්න comment එකකින් ප්‍රකාශ කරන්න.

Tuesday, October 5, 2010

නොදන්නා දේවල් දැනගන්න කැමතිද?

එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට ඕනම කෙනෙකුට ප්‍රශ්න මතුවෙනව.උදාහරණයක් විදියට පරිගණකයේ වැඩකරන කොටත් විවිධ ගැටලු මතුවෙනව.අපි හිතමු "පරිගණක හා අන්තර්ජාලය" සම්බන්ධ ගැටලුවක් මතුවුනා කියල.අපි එතකොට කරන්නෙ සෙවුමක් දාල තොරතුරු සොයන එක.සමහර වෙලාවට මේක මහ කරදරයක්.මොකද අපි තවත් වෙහෙසට පත්වන නිසා.මේකට විකල්පයක් තමයි Yahoo Answers.

ඉතින් මේ Yahoo Answers කියන්නෙ ඉතා වටිනා සේවාවක්.අප නොදන්නා දෙයක් ‍අනෙක් අයගෙන් අහල දැනගන්න පුළුවන්.ඒ වගේම අනිත් අයගෙ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් පුළුවන්.අවශ්‍ය වන්නේ yahoo email ගිණුමක් සහ ඉංග්‍රීසි දැනුම පමණයි.මමත් මේක භාවිතා කරනව.ගොඩක් සාර්ථකයි.බොහෝ විට ඉක්මනටම පිළිතුරු ලැබෙනව.සමහර වෙලාවට පිළිතුරක් නොලැබෙන්නත් පුළුවන්.මට එක වතාවයි එහෙම වුනේ.එවැනි පිළිතුරක් නොලැබුනු අවස්ථා වලදී Yahoo Answers මගින් එම ප්‍රශ්නය ‍පවත්නා කාල සීමාව දීර්ඝ කිරීමක් කරනව.පිළිතුරක් ලද සැනින් ඔබගේ ඊමේල් ගිණුම හරහා දැනුවත් කිරීමක් කරනව.

ඉතින් ඔයත් අදම අත්හදා බලන්න.පිවිසීම මෙතනින්.

Saturday, September 25, 2010

ඔබත් අන්තර්ජාලයේ අසීමිතව සැරිසරනවද?

අද මම කියන්නෙ අන්තර්ජාලයේ වැඩිපුර රැඳිල ඉන්න අයට අදාල දෙයක්.මේක මහ ලොකු දෙයක් නෙවෙයි.අසීමිතව අන්තර්ජාලය භාවිතා කරන කොට අපි විවිධ අඩවි වලින් වැදගත් තොරතුරු ලබාගන්නව.ඉතින් සමහර අඩවි අපිට නැවත නැවත උවමනා වන අවස්ථාවන් ඕන තරම් තියෙනව.එම අඩවි වලට සම්බන්ධ වීම පහසු කරන්න තමයි Bookmarks(පොත් යොමු) තියෙන්නෙ.
මම භාවිතා කරන්නෙ Firefox.මේකට අදාළව තමයි මම මෙහි කරුණු දක්වන්නෙ.මගේ Bookmarks මෙනුවෙ දැනට Bookmarks 50 කට වඩා තියෙනව.ඉතින් මේවායින් කීපයක් හැර අනිත්ව මතකයේ රැ‍ඳෙනව අඩුයි.ඉතින් අපි මේ Bookmarks සුරැකුම් කරගන්න එක නේද හොඳ.අපිට දෘඩ තැටියට හෝ pen drive එකකට මේ Bookmarks සුරැකුම් කරගන්න පුළුවන්.අපි‍ට කැමති නම් HTML විදියට වුනත් සුරැකුම් කරගන්න පුළුවන්.වැඩේ කරන්නෙ මෙහෙමයි.
මුලින්ම Bookmarks මෙනුවෙන් Organize Bookmarks තෝරන්න.දැන් පහත රූපයේ පරිදි Import and backup මෙනුවෙන් Backup තෝරන්න.
දැන් ඔයාට උවමනා තැනට Bookmarks සේව් කරගන්න පුළුවන්.නැවත එම සුරැකුම් කළ Bookmarks ලබා ගැනීමට නම් කළයුත්තේ Imports and Backups-->Restore-->Choose file තෝරා සුරැකුම් කළ ගොනුව ඇති ස්ථානය ලබා දීම පමණි.එය පහතින් පෙන්වා ඇත.
HTML ලෙස සුරැකුම් කරගැනීමට නම් Import and Backup මෙනුවේ ඇති Export HTML විකල්පය භාවිතා කරන්න පුළුවන්.
මේ සටහන ඔයාට වැදගත් වුනා නම් ඒක මට සතුටක්.ගිහින් එන්නම්.

Sunday, September 19, 2010

Google Translate

ඔයා දැනටමත් Google Translate ගැන දන්නව ඇති.මේක ඉතා වටිනා සේවාවක්.මටත් මේක ගොඩක් වැදගත් වුනා.ඒකයි ලියන්න හිතුනෙ.හරි බලමු මේකෙන් තියෙන ප්‍රයෝජනය.අන්තර්ජාලය ගත්තොත් මෙහි විවිධ භාෂාවන්ගෙන් සමන්විත වෙබ් අඩවි තියෙනව.අපිට English language නම් එතරම් ගැටලුවක් නෙවේ.නමුත් Portuguese වැනි භාෂාවකින් තැනූ වෙබ් අඩවියක් තිබුනොත් භාෂාව නොදන්නා අය ගොඩක් අපහසුතාවයකට පත්වන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

හැම භාෂාවක්ම මෙහි අඩංගු වී නැහැ.එහි අන්තර්ගත භාෂා වලින් සේවාව ලබාගන්න පුළුවන්.පහත රූපයේ දක්වා ඇත්තේ Portuguese වලින් ලියූ වාක්‍ය කොටසක් English වලට පරිවර්තනය කර ඇති ආකාරයයි.එම අන්තර්ගතය කියවීමට මෙන්ම ඇසීමටද හැකිවන අයුරින් සකසා තිබීම විශේෂත්වයක්.මොකද සමහරුන්ට කියවන්න බැහැනෙ.ඒ අයට ඇසීමෙන් අවබෝධ කරගන්න පුළුවන්.

එලෙසම සම්පූර්ණ වෙබ් පිටුවම වුවත් පරිවර්තනය කරගන්න පුළුවන්.කළ යුත්තේ අදාළ ලිපිනය(URL) type කිරීම පමණි.හරිම සරලයි.ඒ ‍වගේම යම් Document එකක් වුනත් පරිවර්තනය කර ගන්න පුළුවන්.

Saturday, September 4, 2010

Cafe ගිහින් අමාරුවෙ වැටුනද?

මම මේක කාලෙක ඉඳල ලියන්න ඕන කියල හිත හිත හිටියෙ.ඒත් කොහොම හරි වැඩේ පස්සට ගියා.හරි දැන් කියන්නම්කො විස්තරේ.මට උවමනා කරන ෆයිල් වගයක් තිබුන, ඒකට තමයි කැෆේ එකට යන්න වුනේ.ඒ දවස් වල මට හරි හැටි අන්තර්ජාල පහසුකමක් තිබුනෙ නැහැ.ඉතින් ප්‍රමානයෙන් විශාල ගොනු බාගත කිරීම ගොඩක් අසීරු කාර්යයක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.අවශ්‍ය ගොනු ටික ලබාගන්න පැය කීපයක් ගත වෙනව.ඉතින් නිකන් ප්‍රොග්රස් බාර්(Progress Bar) දිහා බලාගෙන ඉන්නකොට එපා වෙනව.මට හිතුන ඒ ඉන්න වෙලාවෙ බ්ලොග් කියවන්න.ඉතින් එතකොට තමයි තේරුනේ සිංහල යුනිකෝඩ් ස්තාපනය කර නොමැති බව.ඉතින් මොකද කරන්නෙ?මම ඒවෙනකොට දැනගෙන හිටියෙ SinhalaTamilkit මෘදුකාංගය ගැන විතරයි.ඉතින් ඒ ගොනුව අරගත්ත.අරගෙන ස්තාපනය කරන කොට පරිගනක පාලකයා(administrator) ඕන වෙනවනෙ.ඉතින් එයාට අඬ ගහල කිව්වම මුරපද දීල ස්තාපනය කරල දුන්න."හරි" කියල මෑන් ගියා.රිස්ටාර්ට් කරල බලනකොට අනේ ඒත් සිංහල කියවන්න බැහැ.මොකක් හරි අවුලක්.මට ආයෙත් ඇඩ්මින් ට කතා කරන්න කම්මැලි හිතුන.
ඉතින් ගෙදර ඇවිත් ටික දවසක් යනකොට තමයි මට මේ මෘදුකාංගය හම්බුනේ.මේ තමයි qsFOX.මේ මෘදුකාංගය පරිගනකයේ ස්තාපනය කරන්න ඇඩ්මින් ඕනි නැහැ.මේකට Fire Fox වෙබ් බ්‍රව්සරය තිබ්බම හොඳටම ඇති.මේක අපේම සහෝදරයෙක් වන ඉසුරු උදානගේ වැඩක්.මෘදුකාංගය මෙතනින් ගන්න.ඉසුරු උදානගේ qsFOX ගැන ලියවුණු බ්ලොග් සටහනට මෙතනින් යන්න.
තවත් දවසක මට cafe යන්න වුනා.එදා නම් කිසි කරදරයක් නැතුව මේ මෘදුකාංගය ස්තාපනය කරගෙන සිංහල කියෙව්ව.
මේක තමයි කියන්න හිටියෙ.ගොඩක් දෙනෙක් දැනටමත් මේ ගැන දන්නව ඇති.නොදන්න අයත් දැන් දැන ගත්තනෙ.

Wednesday, August 25, 2010

ඔබත් මානසික රෝගියෙක් ද?

ඉතින් ගොඩක් කාලෙකට පස්සෙ සටහනක් ලියන්න හිතුන.හැබැයි බ්ලොග් ලිව්වේ නැති වුනාට කියවීම නම් නොවරදවාම කළා.හැබැයි සමහර බ්ලොග් වල ප්‍රතිචාර(comments) කියෙව්වම නම් මේ බ්ලොග් ලියන එකත් මහ බොරු වැඩක් කියල හිතෙනව මට නම්.
අද සමාජය දිහා බැලුවොත් මිනිස්සු කොයිතරම් රන්ඩු වෙනවද කියල ඔයාම හිතල බලන්න.දැන් බ්ලොග් ලිවිල්ලටත් වෙලා තියෙන්නෙ ඔය දේම තමයි.පුදුම මිනිස්සු ඇත්තටම.‍බ්ලොග් ලියන්න ඇවිල්ලත් අනිත් එකාගෙ සටහන් හොරකම් කරනව.මෙතෙන්ට එන්නෙත් හොරකම් කරන්න.ඉතින් ඊට පස්සෙ රන්ඩු වෙලා අසභ්‍ය වචන වලින් ප්‍රතිචාර දානව.තමන්ගෙ පහත් මානසික මට්ටම මුළු ලෝකෙටම පෙන්නනව.කොයිතරම් පහත් වැඩක්ද?
ප්‍රතිචාර දක්වන්නන් සඳහාත් යම් යම් සීමා පනවන්න වේවි ඉදිරියට.

Saturday, June 26, 2010

Nokia 1202

ඔන්න අදත් මම කියන්න යන්නෙ බොහොම චාම් ජංගම දුරකතනයක් ගැන.කලින් එකටත් වඩා සරලයි.මිලෙනුත් අඩුයි.හැබැයි ඉතින් අපි ජංගම දුරකතනයකින් බලාපොරොත්තුවෙන ප්‍රධාන දේවල් මේකෙත් තියෙනව.අපිට මූලික වශයෙන් ජංගම දුරකතනයක් ඕන වෙන්නෙ හදිසි අවස්ථාවකදි ඇමතුමක් ගැනීමට හෝ කෙටි පණිවුඩයක් යැවීමටනෙ නේද?ඉතින් මේ දුරකතනය ගැන සාරංශයක් පහත දක්වන්නම්.
  • වර්ණවත් තිරයක් නැත
  • ෆ්ලෑෂ්ලයිට් ඇත
  • අනෙක් දුරකතන වලට සාපේක්ෂව තරමක් විශාල යතුරු පුවරුව
  • සිංහල භාෂාවෙනුත් හැසිරවිය හැක
ඔයා පින්තූරෙ තියෙන එක හොඳින් බැලුවනම් පෙනේවි යතුරු පුවරුවෙ තිරස් අතට පමණක් ඉරි තිබෙන බව.මෙය දුහුවිලි රැඳීම අවම වන ආකාරයට සකසා ඇත.අනික කී පැඩ් එක තරමක් විශාල නිසාත් එහි ඉලක්කම් තරමක් විශාලවට ඇති නිසාත් ඇස් පෙනීම තරමක් දුර්වල අයටත් මෙහි ඇති ඉලක්කම් පහසුවෙන් කියවිය හැකියි.කැමතිනම් සිංහලෙන් උනත් හසුරුවන්න පුළුවන්.ටෝච් එකකුත් තියෙනවනෙ.මේකෙ ගත්තෙ රුපියල් 3200/= කට අවුරුද්දක වගකීමකුත් සමග.හොඳයි නේද?මේ ළඟදි ගත්තෙ.

Wednesday, June 23, 2010

Nokia 1209

දැන් ගොඩක් දෙනෙක් හොයන්නෙ අඩු මුදලකට ගන්න පුළුවන් වැඩි වැඩ නැති ජංගම දුරකතන.එහෙම නේද?ඉතින් මම අද ඔයාට කියන්නෙ ඒ ‍වගේ ජංගම දුරකතනයක් ගැන.මේක හඳුන්වල දීල නම් දැන් අවුරුදු දෙකකටත් ආසන්නයි.පාවිච්චි කරන කට්ටියත් ඕන තරම් ඇති,නොදන්න අයටයි මේ සටහන.මේක Nokia1209.මේකෙ මූලිකම දේවල් ගැන මම කෙටි විස්තරයක් කරන්නම්.
  • කැමරාවක් නැත
  • GPRS නැත
  • ‍ෆ්ලෑෂ් ලයිට්(flashlight) ඇත
  • වර්ණවත් තිරයක් සහිතයි
මෙහි ඇති flashlight විශේෂාංගය නම් ප්‍රයෝජනවත් කියල හිතෙනව.මොකද හදිසි අවස්ථාවකදි ටෝච් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් නිසා.මම පරීක්ෂා කරල බැලුව.සැළකිය යුතු තරම් ආලෝකයක් ලැබෙනව.අපේ ගෙදරත් මේ ගැජට් එක තියෙනවනෙ.අනික හදිසියෙ නැති උනත් හිත හදාගන්න පුළුවන්.රුපියල් 3950/= කට තමයි මම ගත්තෙ.මේ වත්මන් මිළ.එහෙනම් නැවත හමුවෙමු.

Friday, June 11, 2010

Airtel ගැන යමක්...

අද තමයි ගොඩක් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ.මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕන.බය වෙන්නෙපා ඉතින්:D.ඔයා මුල ඉඳල මගේ බ්ලොග් එක කියෙව්වද?එහෙනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මම මුලදි Airtel Internet පාවිච්චි කළා කියල.ඉතින් මේකයි කතන්දරේ.මම ගොඩක් කාලෙකින් Airtel පාවිච්චි කළේ නැහැ.කොච්චර කල්ද කියනවනම් මගේ ළඟ සිම් 2ක් තිබුණා,ඒකෙන් එකක් බල රහිත කරල(Disabled).මට ඊයෙ නිකමට සිම් දාල බලන්න හිතුන ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ.අනිත් Airtel sim එකත් තව මාස 2කින් විතර බල රහිත වෙනවලු.ඉතින් හනි හනිකට රුපියල් 20ක් දාල ඇඟ බේරගත්තා:D.මාස 7කට විතර ආසන්න කාලයක් Airtel sim එකක් ඇල්ලුවෙවත් නැහැ.Voice & sms සඳහා මොබිටෙල් භාවිතා කරන නිසා තමයි එහෙම වුණේ.මොබිටෙල් වල GPRS නම් අල තමයි.අල නෙමේ පට්ට අල.3G ත් වෙලාවකට හොඳට වැඩ.සමහර වෙලාවට අල.අපිට ඕන වෙලාවට වැඩක් කරගන්න බැහැ.

ඉතින් මම අද මොබිටෙල් සැකසුම්(settings) ඉවත් කරල එයාර්ටෙල් settings දාගත්ත.පොඩි එකාගෙ ආසාවනෙ:D.දැන් එයාර්ටෙල් එකෙන් අලුත් දේවල් හඳුන්වල දීල ඇති.ඒ කිව්වෙ දත්ත විසඳුම්(Data solution),වොයිස් කෝල්(voice call),කෙටි පණිවුඩ(sms) ආදීන්.මම මෙලෝ දෙයක් දන්නැහැනෙ.කලින් මම පාවිච්චි කළේ රු.101ක් රීලෝඩ් කළාම ක්‍රියාත්මක වන පැකේජය(101MB)කෙටි පණිවුඩත් 100ක් ද කොහෙද හම්බුණා.ඉතින් තරහ නැතුව ඔහාල දන්න දැනට පවතින අලුත් විස්තර කමෙන්ට් එකක් විදියට දාන්න.

Thursday, April 22, 2010

පාරිභෝගික සේවයේ සිටින ඔබේ අවධානයටයි...!

අපි හැමෝම මිනිස්සු.ඇයි අපිට මිනිසා කියන්නේ?එහෙම කියන්නෙ මනසින් උසස් නිසයි.මනාව සිතා යමක් අවබෝධ කරගැනීමේ උසස් බුද්ධියක් අප සතුවන නිසාය.නමුත් හුඟක් අය තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරනවා අඩුයි.බුද්ධිමත් බව කියන්නෙ ඉගෙනගැනීමට ඇති හැකියාවට විතරක් නෙවේ.යම් කෙනෙක් කියන දෙයක් අවබෝධ කරගන්නටත් බුද්ධියක් තියෙන්න ඕන.
නමුත් ඇතැම් දුරකතන සමාගම් වල පාරිභෝගික අංශයේ සිටින අය පාරිභෝගිකයා ගැන චුට්ටක්වත් හිතන්නැහැ.එයාලට සමහරවිට අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උපාධියක් ඇති.එහෙම උපාධියක් තිබුන කියල පාරිභෝගිකාගෙන් එන පැමිණිලි නොසලකා හරින එක හරිද?ඔවුන් හිතනවා ඇති පාරිභෝගිකයා කියන්නේ කිසිත් නොදන්නා පුද්ගලයෙක් කියා.
මම මේ ගැන ලියන්න ඕන කියල හිතුනෙ මට වුණු සිද්ධියක් නිසා.මම කාලයක් Airtel GPRS පාවිච්චි කළා කියල මගේ කලින් සටහන් කියවපු අය නම් දන්නව ඇති.මම මේ කියන්නෙ ඒ දවස් වල වුණු සිද්ධියක්.මේ වගේ සිද්ධි දැනුත් ඕන තරම් වෙනවා.මට ආපහු මේ ළඟදිත් ඒ වගේ දෙයක් වුණා.ඒ නිසයි මේ සටහන ලියන්නෙ.
මම w200i මොබයිල් එකක් ආධාරයෙන් තමයි ඒ දවස් වල internet පාවිච්චි කළේ.හොඳට වැඩ කළා.නමුත් එක දවසක් හිටිහැටියේම ඒකෙ ගැටලුවක් ඇතිවුණා.හැබැයි ඊට කලින් දවසෙත් හොඳට වැඩ කළා.මැෂිමෙන් තියා mobile එකෙන්වත් internet හා සම්බන්ධ වෙන්න බැරිවුණා.මම ඒ mobile එකේ හැමදෙයක් ගැනම දන්නවා.මම දෙයක් ගැන පැමිණිලි කරන්න කළින් හොඳට හොයල බලනවා.ඒක මගේ පුරුද්දක්.ඉතින් මම Airtel GPRS වැඩ කරන්නැති හින්ද mobile එකේ settings reset කළා.ඊට පස්සෙ Mobitel GPRS settings දාගත්තා.ඒකෙන් ඉන්ටර්නෙට් හා සම්බන්ධ වෙන්න පුළුවන් වුණා.ඉතින් ඒ කියන්නෙ මගේ දුරකතනයේ දෝෂයක් නොමැති බව නේද?
ඉතින් මම Airtel එකට කථා කරල විස්තරේ කිව්වා.මම ගනිපු හැම වතාවකදිම සහයට ආවෙ ස්ත්‍රී පාර්ශවය.එයාලට විස්තර කිව්වම හැම වෙලාවෙම කියන්නෙ දුරකතනයෙ දැනට තියෙන settings ඉවත් කරල අලුතෙන් settings දාගන්න කියල.settings පිහිටුවාගෙන දුරකතනය අක්‍රීය කරල විනාඩි 5කින් විතර on කරන්නලු.එතකොට හරියාවිලු.මාත් ඒක දෙපාරක් විතර කළා.ඒත් හරිගියේ නැහැ.ඉතින් මම කිව්ව හරියන්නැහැ කියල.කොහොමහරි එක වතාවකදි පිරිමි කෙනෙක් answer කළා.එයාට සිද්ධිය මුල ඉඳන් කිව්වා.එයා කිව්වා එයාලගෙ network එකේ ගැටළුක් ඇතිවෙලා කියල මුළු ගාලු දිස්ත්‍රික්කෙටම බලපාන විදියට.ඒක හරි මොකද මම town එකේදිත් පරීක්ෂා කරල බලපු හින්ද.ඊට පස්සෙ තමයි මම නිහඬ වුනේ.ඇයි දෙයක් කිව්වම ටිකක් හොයල බලල පිළිතුරක් දෙන්න බැරි?
හරියට කතාව නම් තමන්ගෙ මොකුත් වැරැද්දක් නැහැ වගේ. :-/

Saturday, April 17, 2010

ශ්‍රී ලංකා ටෙලිකොම් කෝල් සෙන්ටර්

මේක පොඩි ආතල් සිද්ධියක්.දවසක් මම SLT call centre එ‍කට කතා කළා.සහයට ආවෙ ගැහැණු කෙනෙක්.voice එකෙන් නම් වැඩි වයසක් නෑ.දුරකතන අංකය ඉල්ලනවනෙ.මම ඉතින් 091******* කියල කියාගෙන ගියා.එයා 5 වතාවක් විතර අංකය ඉල්ලුවා.මාත් ඉතින් කිව්වා.එයා ටික වෙලාවකින් ඇහුවා "සර්, නුවර නොම්මරයක් නේද?" කියල. හිහ් හිහ් හී.......
මම කිව්වා "නෑ ගාල්ලෙන්" කියල.මොකුත් අඟවන්නැතුව හිටිය.හරි නෑනෙ නේද? :D :D
~පසුවදන~
ගාල්ල ප්‍රාදේශීය අංකය(Area code) 091
නුවර ප්‍රාදේශීය අංකය(Area code) 081

Thursday, April 15, 2010

දුරකථන සමාගම් සහ මගේ ඉන්ටර්නෙට් ඉතිහාසය


ඔක්කොටම කලින් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...! කියල ප්‍රාර්ථනා කරනවා.
දැන් එමුකො මාතෘකාවට.මම මුලින්ම අන්තර්ජාල සම්බන්ධතාවක් ලබා ගත්තේ slt city link CDMA දුරකතනයක් හරහා.භාවිතා කරපු කට්ටිය දන්නව ඇති ඒකෙ වේගය ගැන.තත්පරයකට කිලෝබයිට් 10ක් එන්නෙත් ගොඩක් කලාතුරකින්.එහෙම ලැබෙන්නෙ මො‍හොතකට විතරයි.ඇත්තටම ස්ථාවර(stable) සම්බන්ධතාවක් ලැබෙන්නැහැ.කොහොම වුනත් පාරිභෝගිකයට ලැබෙන්නෙ 2-5KB/s අතර වේගයක් තමයි.මම අවුරුදු කිහිපයක් භාවිතා කළා ඒක.ඊට පස්සෙ මම ටික කාලයක් Mobitel (GPRS)පාවිච්චි කළා.මුල් දවස් වල CDMA එකට සාපේක්ෂව වැඩි වේගයක් ලැබුණා.නමුත් ටික දවසක් යනකොට Google Home page එක load වෙන්නත් සෑහෙන්න වෙලා ගියා.මගේ ළඟ Dialog සිම් එකකුත් තිබුණ නිසා ඒකත් දාල බැලුව.ඒක Mobitel වලට වඩා නම් හොඳ තත්වෙක තිබුණා.ඒත් ලොකු වෙනසක් තිබුනෙ නැහැ.ඒක අත්හරින්න හේතු කීපයක්ම තිබුණා.ඇත්තටම මම Dialog පාවිච්චි නොකරන්නත් හේතු වුනේ මේ ටිකම තමයි.

  1. අසාධාරණ ලෙස පාරිභෝගිකයාගෙන් මුදල් අය කිරීම.(උදා:-ඩයලොග් පාරි‍භෝගික සේවය ඇමතීමේදී මුදල් අය කිරීම)
  2. පැකේජයක් ක්‍රියාත්මක කොට එහි කාල සීමාව අවසන් වීමෙන් පසු නැවත සාමාන්‍ය පරිදි අන්තර්ජාල කටයුතු කරගෙන යාමට එක් වතාවක් පමණක් ඉඩ සලසා දී තිබීම.(උදා:-ඔබ දෙවන වරටත් පැකේජයක් ක්‍රියාත්මක කළහොත් එහි කාල සීමාව අවසන් වීමෙන් පසු නැවත සාමාන්‍ය පරිදි internet භාවිතා කළ නොහැකි වීම.ඒ සඳහා නැවත වරක් අදාල settings ලබා ගත යුතු වේ.ඒ සඳහා පාරි‍භෝගික සේවය ඇමතිය යුතුය)
  3. Voice & SMS වලදීත් වැඩි ගාස්තුවක් අයකිරීම.
(දැන් තත්වය මීට වෙනස් වියහැකි බව කරුණාවෙන් සලකන්න)
ඉහත සඳහන් කළ හේතු නිසා මම Dialog වලින් අයින් වුණා.ඊට පස්සෙ Airtel (GPRS)වලට මාරු වුණා.ඇත්තටම Airtel අනිත් දෙකට සාපේක්ෂව(Mobitel & Dialog) ගොඩක් ඉදිරියෙන් හිටියා.හැම වෙලාවෙම 8-15KB/s ත් අතර වේගයක් ලැබුණා.මම දිගටම පාවිච්චි කළේ ඒක.නමුත් 2009 දෙසැම්බර් මාසයේ Airtel GPRS වල ගැටළුවක් ඇතිවුණා.එයාල ඒක ගොඩක් කල් යනකන් හැදුවෙ නැහැ.දැන් නම් හදල ඇති මට හිතෙන්නෙ.මම ඊට පස්සෙ Airtel පාවිච්චි කළේම නැහැ.
මම 3G mobile එකක් ගනිපු හින්ද පාවිච්චි කළේ Mobitel විතරයි.මොකද මම ඉන්න හරියට Mobitel 3G විතරයි තියෙන්නෙ.Mobitel 3Gත් මාස 3ක් විකර පාවිච්චි කළා.ඒක පාවිච්චි කරනකොට 20-40KB/s ත් අතර වේගක් ලැබුණා.හැබැයි සමහර වෙලාවට connect වෙනව විතරයි.දත්ත හුවමාරුවක් සිදුවෙන්නැහැ.මරු තමයි :D
දැන් මම පාවිච්චි කරන්නෙ slt broadband.මේක නම් ගොඩක් හොඳයි.
මගේ ජංගම දුරකතන සහකරු එදත් අදත් Mobitel ම තමයි.පොඩි පොඩි අඩුපාඩුකම් කීපයක් තිබුණට පාරිභෝගිකයට ගෙවන මුදලට සාධාරණයක් ඉටුකරන්නේ Mobitel විතරයි.එහෙනම් ගිහින් එන්නම්.Bye.Good Night...

Monday, March 1, 2010

Firefox 3.6 හොඳයිද?


මට මේකත් ලියන්න ඕන කියල හිතුනා.මට මේ ගැටළුව මතු වුනේ Firefox 3.6 වින්ඩෝස් සංස්කරණයේදි.දැනට තියෙන අලුත්ම සංස්කරණය තමයි ඒ.මම පාවිච්චි කරන්නේ windows/ubuntu dual boot.ඒ කිව්වෙ මගේ පරිගණකයේ වින්ඩෝස්XP සහ උබුන්ටු කියන මෙහෙයුම් පද්ධති(operating systems) දෙකම ක්‍රියාත්මක වෙන‍වා.මෑතකදි නිදහස් කෙරුණු උබුන්ටු 9.10(ubuntu 9.10) සමග ලැබෙන firefox 3.5 සංස්කරණයේ නම් මේ ගැටළුව නැහැ.
මම බ්ලොග් එක පැත්තෙ ආවෙ දවස් දෙක තුනකට කලින්.ඇවිත් පොඩි පොඩි ගැජට් කෑලි වගයක් එල්ලුවා:D ඊට පස්සෙ ඉතින් ඒවා අවශ්‍ය තැන් වලට ගන්න ඇද දමන්න(Drag & Drop) ඕනනෙ,ඉතින් drag & drop කරනකොට තමයි තේරුනේ වැඩේ දෙල් බව.අනිත් භාෂාවෙන් කිව්වොත් ඒක අල :D:D
ඒත් මට හිතුන්නැහැ මේක firefox වල ලෙඩක් කියල.ඒත් බලාගෙන යනකොට ඒක එහෙම තමයි.මම ආපසු මගේ සුපුරුදු සංස්කරණය ස්ථාපනය කරගත්තා.දැන් හරි.ඊළඟ firefox සංස්කරණයෙදි මේ ලෙඩේ හරියාවි කියල හිතමු.

Sunday, February 28, 2010

Nokia 3120 classic


අලුත් ගැජට් කෑල්ලකුත් එක්කම ආවා ඔන්න මේ අවුරුද්දට ලියවෙන මුල්ම සටහනට,මාස දෙකක නිහැඬියාව බිඳිමින්.ඔයා දන්නවනෙ මගේ w200i ට වුණු දේ?මගේ කලින් post එක කියවල බලන්නකො මතක නැත්තම්.ඉතින් ඒක සුපුරුදු පරිදි තාමත් හදන තැන.‍IC එක නම් දැම්ම කිව්ව,Ram එකත් පිච්චිලාලු.මාත් ඔන්න ඔහේ තියෙන්න ඇරිය,හදන දවසක හදාවිනෙ..

මම ඔය අතරතුරේ අලුත්ම mobile එකක් ගත්ත.Nokia 3120 classic එකක්.විස්තර ඕන නම් මෙතනින් බලාගන්න පුළුවන්.phone එක නම් වරදක් නෑ.මම ඒක ගෙනාපු ගමන් මගේ මැෂිමට සම්බන්ධ කළා.හරිබරි ගැහිල cable driver එක install කළා.ඊට පස්සෙ PC Suite එක ස්ථාපනය(install) කරන කොට file එකක් හොයාගන්න බැහැ කියල දෝෂ පණිවුඩයක් ඇවිත් ස්ථාපනය අසාර්ථක වෙනවා.කිහිප වතාවක් කළා.ඒත් හරිගියේ නැහැ.හැබැයි pc suite එක භාෂාවන් කිහිපයකින්ම තිබුණා.මම ස්ථාපනය කරන්න හැදුවෙ English එක.මට හිතුන වෙන භාෂාවකින් ස්ථාපනය කරල බලන්න.ඒ වැඩේ නම් සාර්ථකයි.ඒත් ඉතින් භෂාව තේරෙන්නැතුව මොකුත් කරන්න බැහැනෙ.ඒ නිසා මම English pc suite එක අන්තර්ජාලයෙන් බාගත(download) කරගත්තා.මම බයේ හිටියෙ ඒකෙත් අර දෝෂ පණිවුඩයම ඒවි කියල.එහෙම වුණේ නැහැ ඒක සාර්ථකයි.ඒත් මගේ මැෂිමෙන් phone එක අඳුනගන්නැහැ.මම අදාළ සියලුම එලවුම් (Drivers) අයින් කරල ප්‍රතිස්ථාපනය කරල බැලුවා,ඒත් හරිගියේ නැහැ.හැබැයි phone එකෙන් නම් USB මූර්තිකය(icon) පෙන්නනවා.

මම shop එකට කතා කරල කිව්වා phone එක මැෂිමත් එක්ක වැඩ කරන්නැහැ කියල.මට හිතෙන්නෙ එයාල ළඟ තිබිල තියෙන්නෙ Genuine(අව්‍යාජ) කේබලක් නෙවේ.මොකද ව්‍යාජ කේබල් වැඩ කරන්නැතිලු.ඊට ටික දවසකට පස්සෙ එයාල මට වෙනින් cable එකක් දුන්න.ඒක නම් වැඩ.එහෙම තමයි මගේ ප්‍රශ්නෙ විසඳුනේ.

මේ ප්‍රශ්නෙ මට විතරක් නෙවේ තව ගොඩක් අයට තියෙනව කියල පොඩ්ඩක් ‍එහෙ මෙහෙ හොයල බැලුවම වැටහුනා.ඉතින් ඒ හැමෝටම දෙන්න තියෙන උපදෙස තමයි කේබලය මාරු කරල බලන්න කියන එක.සමහරුන්ට software ස්ථාපනය කිරීමේ ගැටලුත් තිබුණා.English pc suite එක download කරගත්තම ඒ ගැටලුවත් ඉවරයි.
මේ දවස් වල නම් වැඩ වැඩියි.ඒ නිසා නිතර නිතර ලියන්න බැරිවේවි.
එහෙනම් ගිහින් එන්නම්.......Bye.....