Ads 468x60px

Pages

Saturday, September 25, 2010

ඔබත් අන්තර්ජාලයේ අසීමිතව සැරිසරනවද?

අද මම කියන්නෙ අන්තර්ජාලයේ වැඩිපුර රැඳිල ඉන්න අයට අදාල දෙයක්.මේක මහ ලොකු දෙයක් නෙවෙයි.අසීමිතව අන්තර්ජාලය භාවිතා කරන කොට අපි විවිධ අඩවි වලින් වැදගත් තොරතුරු ලබාගන්නව.ඉතින් සමහර අඩවි අපිට නැවත නැවත උවමනා වන අවස්ථාවන් ඕන තරම් තියෙනව.එම අඩවි වලට සම්බන්ධ වීම පහසු කරන්න තමයි Bookmarks(පොත් යොමු) තියෙන්නෙ.
මම භාවිතා කරන්නෙ Firefox.මේකට අදාළව තමයි මම මෙහි කරුණු දක්වන්නෙ.මගේ Bookmarks මෙනුවෙ දැනට Bookmarks 50 කට වඩා තියෙනව.ඉතින් මේවායින් කීපයක් හැර අනිත්ව මතකයේ රැ‍ඳෙනව අඩුයි.ඉතින් අපි මේ Bookmarks සුරැකුම් කරගන්න එක නේද හොඳ.අපිට දෘඩ තැටියට හෝ pen drive එකකට මේ Bookmarks සුරැකුම් කරගන්න පුළුවන්.අපි‍ට කැමති නම් HTML විදියට වුනත් සුරැකුම් කරගන්න පුළුවන්.වැඩේ කරන්නෙ මෙහෙමයි.
මුලින්ම Bookmarks මෙනුවෙන් Organize Bookmarks තෝරන්න.දැන් පහත රූපයේ පරිදි Import and backup මෙනුවෙන් Backup තෝරන්න.
දැන් ඔයාට උවමනා තැනට Bookmarks සේව් කරගන්න පුළුවන්.නැවත එම සුරැකුම් කළ Bookmarks ලබා ගැනීමට නම් කළයුත්තේ Imports and Backups-->Restore-->Choose file තෝරා සුරැකුම් කළ ගොනුව ඇති ස්ථානය ලබා දීම පමණි.එය පහතින් පෙන්වා ඇත.
HTML ලෙස සුරැකුම් කරගැනීමට නම් Import and Backup මෙනුවේ ඇති Export HTML විකල්පය භාවිතා කරන්න පුළුවන්.
මේ සටහන ඔයාට වැදගත් වුනා නම් ඒක මට සතුටක්.ගිහින් එන්නම්.

Sunday, September 19, 2010

Google Translate

ඔයා දැනටමත් Google Translate ගැන දන්නව ඇති.මේක ඉතා වටිනා සේවාවක්.මටත් මේක ගොඩක් වැදගත් වුනා.ඒකයි ලියන්න හිතුනෙ.හරි බලමු මේකෙන් තියෙන ප්‍රයෝජනය.අන්තර්ජාලය ගත්තොත් මෙහි විවිධ භාෂාවන්ගෙන් සමන්විත වෙබ් අඩවි තියෙනව.අපිට English language නම් එතරම් ගැටලුවක් නෙවේ.නමුත් Portuguese වැනි භාෂාවකින් තැනූ වෙබ් අඩවියක් තිබුනොත් භාෂාව නොදන්නා අය ගොඩක් අපහසුතාවයකට පත්වන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

හැම භාෂාවක්ම මෙහි අඩංගු වී නැහැ.එහි අන්තර්ගත භාෂා වලින් සේවාව ලබාගන්න පුළුවන්.පහත රූපයේ දක්වා ඇත්තේ Portuguese වලින් ලියූ වාක්‍ය කොටසක් English වලට පරිවර්තනය කර ඇති ආකාරයයි.එම අන්තර්ගතය කියවීමට මෙන්ම ඇසීමටද හැකිවන අයුරින් සකසා තිබීම විශේෂත්වයක්.මොකද සමහරුන්ට කියවන්න බැහැනෙ.ඒ අයට ඇසීමෙන් අවබෝධ කරගන්න පුළුවන්.

එලෙසම සම්පූර්ණ වෙබ් පිටුවම වුවත් පරිවර්තනය කරගන්න පුළුවන්.කළ යුත්තේ අදාළ ලිපිනය(URL) type කිරීම පමණි.හරිම සරලයි.ඒ ‍වගේම යම් Document එකක් වුනත් පරිවර්තනය කර ගන්න පුළුවන්.

Saturday, September 4, 2010

Cafe ගිහින් අමාරුවෙ වැටුනද?

මම මේක කාලෙක ඉඳල ලියන්න ඕන කියල හිත හිත හිටියෙ.ඒත් කොහොම හරි වැඩේ පස්සට ගියා.හරි දැන් කියන්නම්කො විස්තරේ.මට උවමනා කරන ෆයිල් වගයක් තිබුන, ඒකට තමයි කැෆේ එකට යන්න වුනේ.ඒ දවස් වල මට හරි හැටි අන්තර්ජාල පහසුකමක් තිබුනෙ නැහැ.ඉතින් ප්‍රමානයෙන් විශාල ගොනු බාගත කිරීම ගොඩක් අසීරු කාර්යයක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.අවශ්‍ය ගොනු ටික ලබාගන්න පැය කීපයක් ගත වෙනව.ඉතින් නිකන් ප්‍රොග්රස් බාර්(Progress Bar) දිහා බලාගෙන ඉන්නකොට එපා වෙනව.මට හිතුන ඒ ඉන්න වෙලාවෙ බ්ලොග් කියවන්න.ඉතින් එතකොට තමයි තේරුනේ සිංහල යුනිකෝඩ් ස්තාපනය කර නොමැති බව.ඉතින් මොකද කරන්නෙ?මම ඒවෙනකොට දැනගෙන හිටියෙ SinhalaTamilkit මෘදුකාංගය ගැන විතරයි.ඉතින් ඒ ගොනුව අරගත්ත.අරගෙන ස්තාපනය කරන කොට පරිගනක පාලකයා(administrator) ඕන වෙනවනෙ.ඉතින් එයාට අඬ ගහල කිව්වම මුරපද දීල ස්තාපනය කරල දුන්න."හරි" කියල මෑන් ගියා.රිස්ටාර්ට් කරල බලනකොට අනේ ඒත් සිංහල කියවන්න බැහැ.මොකක් හරි අවුලක්.මට ආයෙත් ඇඩ්මින් ට කතා කරන්න කම්මැලි හිතුන.
ඉතින් ගෙදර ඇවිත් ටික දවසක් යනකොට තමයි මට මේ මෘදුකාංගය හම්බුනේ.මේ තමයි qsFOX.මේ මෘදුකාංගය පරිගනකයේ ස්තාපනය කරන්න ඇඩ්මින් ඕනි නැහැ.මේකට Fire Fox වෙබ් බ්‍රව්සරය තිබ්බම හොඳටම ඇති.මේක අපේම සහෝදරයෙක් වන ඉසුරු උදානගේ වැඩක්.මෘදුකාංගය මෙතනින් ගන්න.ඉසුරු උදානගේ qsFOX ගැන ලියවුණු බ්ලොග් සටහනට මෙතනින් යන්න.
තවත් දවසක මට cafe යන්න වුනා.එදා නම් කිසි කරදරයක් නැතුව මේ මෘදුකාංගය ස්තාපනය කරගෙන සිංහල කියෙව්ව.
මේක තමයි කියන්න හිටියෙ.ගොඩක් දෙනෙක් දැනටමත් මේ ගැන දන්නව ඇති.නොදන්න අයත් දැන් දැන ගත්තනෙ.