Ads 468x60px

Pages

Thursday, November 17, 2011

Windows Firewall

Windows Firewall එකෙන් වැඩක් ගමුද? :) සමහරවිට ඔයා මේ ක්‍රමය දැනටමත් දන්නව ඇති...නොදන්න කස්ටියටයි මේ කියල දෙන්නෙ.ඔන්න ඉතින් කියන්නෙපා හොර වැඩ කරන්න පොළඹවනව කියල.තාක්ෂණික පැත්ත තමයි කතා කරන්න යන්නෙ.

මුලින්ම බලමු මොකක්ද මේ Firewall කියන්නෙ කියල.පරිගණක අතර unauthorized හෝ අනවශ්‍ය(unwanted) සන්නිවේදනයන් වැළැක්වීම සඳහා භාවිතා කරනු ලබන technological barrier එකකට තමයි firewall ක් කියන්නෙ.

හරි මාතෘකාවට එමුකො.ගොඩක් අය use කරන්නෙ genuine software නෙමෙයි නේද?මාත් එහෙම තමයි,ඒක වෙනම කතාවක් :D.හැබැයි සමහර software හොරට active කළාම පොඩ්ඩක් අවුල් යනව.උදාහරණයක් විදියට හිතමු අපි trial version එකක් අරගෙන ඒකට cracking software එකක් ආධාරයෙන් serial number එකකුත් දුන්න කියල.key එකත් වැඩ.හැබැයි අන්තර්ජාල සම්බන්ධතාවය ලැබුණු සැනින් key එක වැරදියි කියල පෙන්නනව.මේකට හේතුව තමයි අදාළ මෘදුකාංගයේ activation process එක internet connection එක ලැබුණු සැනින් background එකේ ක්‍රියාත්මක වීම.serial numbers කොපමණ ප්‍රමාණයක් යෙදුවත් හොර එක කොහොමත් අහුවෙනව.මම කියන්න යන්නේ මේකට විසඳුමක්...

අතිශයින්ම windows 7 users ල සඳහා පමණි.....අනිත් අයත් දැනගැනීම පිණිස කියවන්න.....

මේ විදියට පියවර ටික කරන්න.මම ගොඩක් කෙටියෙන් පැහැදිලි කරන්නම්.

Start ක්ලික් කර start menu search එකේ firewall කියල type කරන්න.දැන් "windows firewall with advanced security" ක්ලික් කරන්න.
ලැබෙන window එකේ වම් පැත්තෙ තියෙනව "Inbound rules","Outbound rules".එතනින් "Outbound rules" select කරන්න.දැන් window එකේ දකුණු පැත්තෙ තියෙනව "New rule" කියල option එකක්.ඒක ක්ලික් කළාම "New Outbound rule wizard" open වේවි.ඒකෙන් "program" තෝරල next කරන්න.
දැන් "This program path" select කරල ඔයාට block කරන්න ඕන software එක තෝරල දෙන්න.

මෙහි software එක තේරීමේදි "program files" තුළට ගොස් අදාළ software folder එක තුළ ඇති .exe ගොනුව ලබා දෙන්න.Next කර "Block the connection" තෝරන්න.ඊළඟ පිටුවේ වෙනසක් සිදුකළ යුතු නැහැ(සියල්ලටම tick).අවසානයේ අපි හදපු rule එකට කැමති නමක් ලබාදී finish කරන්න.

දැන් "windows firewall with advanced security" window එකේ "Outbound rules" වලට අපි හදපු rule එක add වෙලා ඇති.මේක තමයි විසඳුම.දැන් software activation process එක ක්‍රියාත්මක වෙන්නැහැ.හැබැයි serial number එක දෙන වෙලාවට internet connection එක විසන්ධි කරන්න අමතක කරන්න එපා.

screenshots දැම්මෙ නැහැ තේරුම් ගන්න පුළුවන් නිසා.එහෙනම් අලුත් ලිපියකින් නැවත හමුවෙමු.



7 අදහස් දැක්වීම්:

Rajitha Abeysinghe said...

හොද ලිපියක්.දිගටම ලියන්න.

ShiraN said...

Huh haa........ Nice ! Like it.

Anonymous said...

Goooooooooooooood

Anonymous said...

@ හැමෝටම
Thanks..... :)

Anonymous said...

film banna lankawe apata apema thanak

www.cinelanka.net

priyan fernando said...

good

Anonymous said...

well done

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.