
අද මම කියන දේ විද්‍යුත් තැපෑල(e mail) භාවිතා කරන අයට ගොඩක් වැදගත් වේවි කියල හිතනවා.ඇත්තටම මමත් මේ අත්දැකීම ලබල තියෙනවා.ඒ දැනට අවුරුද්දකට විතර ඉහත.දවසක් මට අමුතු ආකාරයේ පණිවුඩයක් ලැබුණා.ලැබුණෙ කොහොමද කියල නම් දන්නැහැ.ඒත් මට 100% ක් විශ්වාසයි මම ඒ පුද්ගලයට මගේ විද්‍යුත් තැපැල් ලිපිනය දුන්නැහැ කියල.පණිවුඩය එවල තිබුනෙ අවුරුදු 22 ක ගැහැණු ළමයෙක් විදියට.මම ඒක දාන්නම් , කියවල බලන්නකො.ඉතික් එයා ගැන ගොඩක් දිග විස්තරයක් තිබුණා.ඔයාට වුණත් මේ වගේ ලියුමක් ප්‍රථම වතාවට දැක්කොත් ඒක බොරුවක් කියල හිතෙන එකක් නෑ.පින්තූරයකුත් එවල නිබුණා.කවුද දන්නෙ ඉතින් කාගෙ එකක්ද කියල.

කොහොම වුණත් ඉතින් මාත් එයාට පිළිතුරු ලිපියක් යැව්වා.මට ඕන වුණේ මගේ විද්‍යුත් තැපැල් ලිපිනය හොයාගත්තෙ කොහොමද කියල දැනගන්න.ඒත් එයා ඒකට පිළිතුරක් එව්වෙ නැහැ.එවල තිබුණෙ මෙන්න මේක.

මම කියන්නම් සරලව මේකෙ තියෙන දේ.ඔයත් කියවල බලන්න.
එයාගෙ මුල් ලිපියෙන් කියල තියෙනවා එයාගෙ පවුලෙ ඝාතනය ගැන.ඉතින් දැන් එයා ඉන්නෙ සරණාගත කඳවුරකලු.එයාගෙ නැසීගිය පියා සතුව ඩොලර් මිලියන 9.7ක මුදලක් ඇති බවත් එහි ඊළඟ හිමිකාරිය ඇය බවත් ඒ මුදල ලබා ගැනීම සඳහා උදව් කරන ලෙසත් ඉල්ලා සිටියා.ඒ රටේ නීතිය අනුව සරණාගතයෙකුට මුදල් යනාදිය සම්බන්ධයෙන් කිසිඳු හිමිකමක් හෝ විශේෂ අයිතිවාසිකමක් නැති බවත් සඳහන් කරල තියෙනවා.අවශ්‍ය සියලු ලියකියවිලිත් කියූ පරිදි ඇය විසින් ලබා දුන්නා.
මේ තියෙන්නෙ එයා එවපු ලියකියවිලි අතර තිබූ නැසීගිය පියාගේ මරණ සහතිකයයි.

බැංකු ගිණුමේ තොරතුරුත් එවල තිබුණා.මේ තියෙන්නේ ඒක.

මට පැවරුණු වැඩේ තමයි ඔය ලන්ඩනයේ Rabo බැංකුවේ තියෙන ඇ.ඩොලර් මිලියන 9.7 ක මුදල මගේ බැංකු ගිණුමට ගෙන්වාගෙන එයින් කොටසක් ඇයට දී ඇයව සරණාගත තත්වයෙන් මුදවා ගැනීම.මරු Mission එකක් නේද?
ඊට පස්සෙ එයා මාව හම්බවෙන්න ලංකාවට එනවලු.එයාට අයිති මුදලෙන්(9,700,000 USD) කොටසක් මටත් දෙනවලු.wOw මරු චාන්ස් එක.
ඉතුරු හරියත් කියවල බලන්නකො..
ඉතින් දැන් තියෙන ප්‍රශ්නෙ තමයි මේ මුදල මගේ ගිණුමට බැර කරන්නේ(Transfer) කොහොමද කියන එක.ඒක කරන්න වෙන්නේ ඒ රටේ නීතීඥයෙකුගෙ මාර්ගයෙන්ලු.ඉතින් මට මේ නීතීඥයගෙ විද්‍යුත් තැපැල් ලිපිනය,දුරකතන අංක ආදි සියලු විස්තර ලබා දුන්නා.දැන් මට කරන්න තියෙන්නෙ නීතීඥවරයාගෙන් කරවාගතයුතු වැඩටික කරවාගැනීමයි.නීතීඥවරයාට යැවිය යුතු ලිපියත් ඇය විසින් සකස්කර මා වෙත එවා තිබුණා.මම ඉතින් ඒක නීතීඥවරයාට යොමු කළා.නීතීඥවරයාගෙනුත් පිළිතුරු ලිපියක් ලැබුණා.ඒ ලිපියෙන් කියල තිබුණා දිග විස්තරයක්.
මේ තියෙන්නෙ නීතීඥවරයාගේ හැඳුනුම්පතෙහි විස්තර.

එවූ ලිපියෙහි එයා අය කරන මුදල ගැනත් සඳහන් කරල තිබුණා.සෙල්ලම් ගානක් නම් නෙවෙයි,යුරෝ 500ක්(500 Euro).
යුරෝ 500ක් කියන්නේ ඇ.ඩොලර් 753.35ක්.ලංකාවෙ මුදලින් නම් රුපියල් 86,156.2214ක්.
~අහු වුණේ මෙහෙමයි~
ඉතින් ටික දවසක් ගතවුණා.
මට සමාජ ජාල වෙබ් අඩවියකින්(social networking web) මිතුදම් ඇරයුමක්(friend request)ලැබී තිබුණා.ඒක එවපු කෙනා ඉල්ලීමක් කරල තිබුණා එයාගෙ e-mail address එකට පිළිතුරු ලිපියක් එවන්න කියල.මටත් ඉතින් ඒ දවස්වල අත්දැකීම් ගොඩක් අඩුයි.පොඩි එකා නොවැ.:D
මගේ තවත් email account එකක් තියෙනවා.මම ඒකෙන් එයාට reply කළා.මෙන්න බොලේ මෙයත් අර කලින් එකා වගේ දිගම දිග ලිපියක් එවල.මෙයාගෙ ජීවිත කතාවත් අර මුලින් කෙනාගෙ කතාවට 100%ක් සමානයි.නම් වල පොඩි පොඩි වෙනස්කම් කීපයක් නිබුණා,එච්චරමයි...මටත් දැන් මාර ප්‍රශ්නෙ..ඔහොම ටික දවසක් ගතවුණා.
එක දවසක් මුලින් හම්බුණු කෙනා Online ඉන්නවා දැක්කා.මම ඒපාර එයාට කිව්වා ඔයා වගේම තවත් කෙනෙක් මට email එවනවා කියල.විස්තර ටිකත් කිව්වා.දැන් මම දන්නවා මේ දෙන්නම email එවන්නෙ එකම ගමකින් කියල.මෙයා කිව්ව විදියට මේ දෙන්නම එකම camp එකේ.අනිත් කෙනත් එක්ක තරහ බවත් උදව් නොකරන ලෙසත් පැවසුවා.මට තේරුනා මම අහන ඒවට උත්තර දෙන්නැතුව මගහරින බවත් බොරු කියන බවත්.ඊට පස්සෙ මේ දෙන්නගෙම කටවල් පියවුණා.මේ දෙන්නම මට emails එව්වෙ නැහැ.
පොඩ්ඩක් එහෙ මෙහෙ හොයල බැලුවම හෝඩුවාවල් ගොඩක් ලැබුණා.ඉතින් මුන් කරපු බොරුව සැක හැර දැනගත්තා.
මේ සිද්ධිය internet & email පාවිච්චි කරන ඔයාට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.ඒ නිසයි ලියන්න ඕන කියල හිතුනෙ.
මේ විදියට අහිංසක මිනිසුන්ව රවටල ඔවුන්ගේ මුදල් සොරකම් කරන විදි ගොඩක් තියෙනවා.මෙවැනි අය scammers යනුවෙන් හඳුන්වනවා.මෙවැනි වංචනිකයන්ගේ උගුල් වලට අසුවූ අයත් ගොඩක් ඉන්නවා.ඒ නිසා පරිස්සම් වෙන්න.