Ads 468x60px

Pages

Tuesday, November 17, 2009

CDMA දුරකතනයක් හරහා අන්තර්ජාලයට පිවිසෙමු


අද මම කතා කරන්න යන්නේ CDMA දුරකතනයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වන ආකාරය ගැන.මගේ යාළුවෙකුත් මේ ගැන ඇහුවා.ඒ නිසයි ලියන්න ඕන කියල හිතුනෙ.
මෙන්න ක්‍රමය,කියවල බලන්න.
මේ සඳහා ඔබට අන්තර්ජාල පහසුකම සහිත CDMA දුරකතනයක් හා එය‍ට ගැලපෙන,පරිගණකය හා සම්බන්ධ කිරීමට කේබලයක් උවමනායි.CDMA දුරකතන මාදිලි රැසක් ඇකි බැවින් ඔබට ගැලපෙන කේබලය තෝරා ගන්න.මම මේ සටහනේ ලියන්නෙ SLT Citylink දුරකතනයකින් සැකසුම් සිදුකර ගන්නා අන්දමයි.
හරි...දැන් ඔබේ පරිගණකයට දුරකතනය නිවැරදිව සම්බන්ධ කරන්න.දැන් පරිගණකය ක්‍රියාත්මක කොට පහත පියවර අනුගමනය කරන්න.

අපි මුලින්ම කරන්න යන්නේ අපේ පරිගණකයට මොඩමය(Modem) අඳුන්වා දීමයි.මේ සඳහා control panel තුළට පිවිස Network & Internet conections වෙත ගොස් see also යටතේ phone & modem options තෝරන්න.classic view හිදී සෘජුවම phone & modem options වෙත යා හැක.Phone & Modem option විවෘත වූ විට එහි ඇති Modem වෙත ගොස් Add ‍බොත්තම ඔබන්න.දැන් පහතාකාරයට Add Hardware wizard ලැබේවි.

එහි ඇති don't detect my modem...ඉදිරියේ click කොට ඉදරියට(Next)යන්න.ඉන්පසු පහත පරිදි standard modem types යටතේ standard 19200 bps modem තෝරන්න.

ඉහත සැකසුම් සකසා Next කරන්න.දැන් ලැබෙන වින්ඩෝවේ selected ports අතරින් com1 තෝරා finish කරන්න.
දැන් modem properties වෙත ගොස් එහි Maximum port speed 115200 ලෙස සකසා ok කර phone & modem options වින්ඩෝවද ok කරන්න.

දැන් Network Connection වෙත ගොස් create a new connection ක්ලික් කොට New connection wizard ලබාගන්න.(control panel->Network Connection)
Next බොත්තම ඔබා ඉදිරියට යන්න.පිළිවෙලින් Connect to the Internet->set up my connection manually->connect using a dial-up modem තෝරා ඉදිරියට යන්න.දැන් ISP(Internet Service Provider) සඳහා නමක් ලබා දෙන්න.මේ සඳහා තමන් කැමති නමක් ලබා දිය හැක.දැන් phone number සඳහා ISP විසින් ලබා දී ඇති අංකය ඇතුළත් කරන්න(SLT citylink නම් #777)
ඉන්පසු ISP විසින් ලබා දී ඇති user name සහ password ඇතුලත් කරන්න.(උදා:-netguest@pre.sltnet හා guest)
අවසානයේ add shortcut to...ඉදිරියේ click කොට Finish කරන්න.ඔබේ desktop එකෙහි සෑදුනු අයිකනය click කොට එහි properties වෙත යන්න.configure බොත්තම click කොට Maximum speed 115200 ලෙස සකසන්න.ok කර සියළු කවුලු වසා දමන්න.
දැන් සියළු වැඩ අවසන්...රිසි සේ අන්තර්ජාලයේ සැරිසරන්න.

0 අදහස් දැක්වීම්:

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.