Ads 468x60px

Pages

Sunday, November 8, 2009

පරිගණකයේ සිංහල අකුරු ස්ථාපනය කරමු


අපිට පරිගණකය ආධාරයෙන් සිංහලෙන් ලිපියක් සකස් කරගන්න අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවනෙ.ඉතින් සමහරු දන්නැහැ පරිගණකයේ සිංහල අකුරු ස්ථාපනය(install) කරගන්නෙ කොහොමද කියල.ඉතින් නොදන්න කට්ටියට වැදගත් වෙන නිසා තමයි මේ ලපිය ලියන්න අදහස් කලේ.හැමෝම හැමදේම දන්නැහැනෙ නේද?
ඉතින් මෙහෙමයි කරන්නෙ.මුලින්ම සිංහල අකුරු(sinhala fonts) ඕන වෙනවා වැ‍ඩේට.ක්‍රම කීපයක් තියෙනවා.මම මේ විදියට කියල දෙන්නම්.

මුලින්ම තමන්ට අවශ්‍ය අකුරු(fonts) තෝරාගෙන ඒවා copy කරගන්න.දැන් control panel තුලට පිවිස fonts විවෘත කරන්න.classic view හදී සෘජුවම fonts නම් අයිකනය පෙන්වන අතර category view හිදී Appearance and themes click කොට see also යටතේ fonts විවෘත කරගන්න.දැනට පරිගණකයේ ඇති සියළුම fonts මෙහි පෙන්වනවා.දැන් copy කරගත් අකුරු මෙහි paste කරන්න.කළයුත්තේ එපමණයි.මේක මහ ලොකු කර්තව්‍යක් නෙවේ.ඒත් නොදන්න කට්ටියත් ඇති.එයාලට වැදගත් වේවි.

0 අදහස් දැක්වීම්:

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.