Ads 468x60px

Pages

Thursday, April 15, 2010

දුරකථන සමාගම් සහ මගේ ඉන්ටර්නෙට් ඉතිහාසය


ඔක්කොටම කලින් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...! කියල ප්‍රාර්ථනා කරනවා.
දැන් එමුකො මාතෘකාවට.මම මුලින්ම අන්තර්ජාල සම්බන්ධතාවක් ලබා ගත්තේ slt city link CDMA දුරකතනයක් හරහා.භාවිතා කරපු කට්ටිය දන්නව ඇති ඒකෙ වේගය ගැන.තත්පරයකට කිලෝබයිට් 10ක් එන්නෙත් ගොඩක් කලාතුරකින්.එහෙම ලැබෙන්නෙ මො‍හොතකට විතරයි.ඇත්තටම ස්ථාවර(stable) සම්බන්ධතාවක් ලැබෙන්නැහැ.කොහොම වුනත් පාරිභෝගිකයට ලැබෙන්නෙ 2-5KB/s අතර වේගයක් තමයි.මම අවුරුදු කිහිපයක් භාවිතා කළා ඒක.ඊට පස්සෙ මම ටික කාලයක් Mobitel (GPRS)පාවිච්චි කළා.මුල් දවස් වල CDMA එකට සාපේක්ෂව වැඩි වේගයක් ලැබුණා.නමුත් ටික දවසක් යනකොට Google Home page එක load වෙන්නත් සෑහෙන්න වෙලා ගියා.මගේ ළඟ Dialog සිම් එකකුත් තිබුණ නිසා ඒකත් දාල බැලුව.ඒක Mobitel වලට වඩා නම් හොඳ තත්වෙක තිබුණා.ඒත් ලොකු වෙනසක් තිබුනෙ නැහැ.ඒක අත්හරින්න හේතු කීපයක්ම තිබුණා.ඇත්තටම මම Dialog පාවිච්චි නොකරන්නත් හේතු වුනේ මේ ටිකම තමයි.

  1. අසාධාරණ ලෙස පාරිභෝගිකයාගෙන් මුදල් අය කිරීම.(උදා:-ඩයලොග් පාරි‍භෝගික සේවය ඇමතීමේදී මුදල් අය කිරීම)
  2. පැකේජයක් ක්‍රියාත්මක කොට එහි කාල සීමාව අවසන් වීමෙන් පසු නැවත සාමාන්‍ය පරිදි අන්තර්ජාල කටයුතු කරගෙන යාමට එක් වතාවක් පමණක් ඉඩ සලසා දී තිබීම.(උදා:-ඔබ දෙවන වරටත් පැකේජයක් ක්‍රියාත්මක කළහොත් එහි කාල සීමාව අවසන් වීමෙන් පසු නැවත සාමාන්‍ය පරිදි internet භාවිතා කළ නොහැකි වීම.ඒ සඳහා නැවත වරක් අදාල settings ලබා ගත යුතු වේ.ඒ සඳහා පාරි‍භෝගික සේවය ඇමතිය යුතුය)
  3. Voice & SMS වලදීත් වැඩි ගාස්තුවක් අයකිරීම.
(දැන් තත්වය මීට වෙනස් වියහැකි බව කරුණාවෙන් සලකන්න)
ඉහත සඳහන් කළ හේතු නිසා මම Dialog වලින් අයින් වුණා.ඊට පස්සෙ Airtel (GPRS)වලට මාරු වුණා.ඇත්තටම Airtel අනිත් දෙකට සාපේක්ෂව(Mobitel & Dialog) ගොඩක් ඉදිරියෙන් හිටියා.හැම වෙලාවෙම 8-15KB/s ත් අතර වේගයක් ලැබුණා.මම දිගටම පාවිච්චි කළේ ඒක.නමුත් 2009 දෙසැම්බර් මාසයේ Airtel GPRS වල ගැටළුවක් ඇතිවුණා.එයාල ඒක ගොඩක් කල් යනකන් හැදුවෙ නැහැ.දැන් නම් හදල ඇති මට හිතෙන්නෙ.මම ඊට පස්සෙ Airtel පාවිච්චි කළේම නැහැ.
මම 3G mobile එකක් ගනිපු හින්ද පාවිච්චි කළේ Mobitel විතරයි.මොකද මම ඉන්න හරියට Mobitel 3G විතරයි තියෙන්නෙ.Mobitel 3Gත් මාස 3ක් විකර පාවිච්චි කළා.ඒක පාවිච්චි කරනකොට 20-40KB/s ත් අතර වේගක් ලැබුණා.හැබැයි සමහර වෙලාවට connect වෙනව විතරයි.දත්ත හුවමාරුවක් සිදුවෙන්නැහැ.මරු තමයි :D
දැන් මම පාවිච්චි කරන්නෙ slt broadband.මේක නම් ගොඩක් හොඳයි.
මගේ ජංගම දුරකතන සහකරු එදත් අදත් Mobitel ම තමයි.පොඩි පොඩි අඩුපාඩුකම් කීපයක් තිබුණට පාරිභෝගිකයට ගෙවන මුදලට සාධාරණයක් ඉටුකරන්නේ Mobitel විතරයි.එහෙනම් ගිහින් එන්නම්.Bye.Good Night...

3 අදහස් දැක්වීම්:

Anonymous said...

Airtel වැඩක් නැ බන් IPL SMS Alat නිසා එපාම වෙලා මට එක නවත්න බැ එක දිගටම එනවා 99 පැකෙජ් කියාමක කරම මල වදයක්

Susantha said...

මම පාවිච්චි කරන්නේ Mobitel උපහාර Data sim එක. තව වෙකම්ම ප්ර්ශ්නයක් නම් ආවේ නෑ. හැබැයි පාරිබෝගික සේවය අමතන්න ගාණක් ගන්න එක තමා අවුල. ස්කයිප් වීඩියෝ කෝල් එකක් අවුලක් නැතුව ගන්න පුළුවන්.

චමිත් said...

මෙහෙට නම් තවම 3G නෑ. MobitelහාAirtel අල Dialog තමයි හොද 20KB වලින් විතර download වෙනවා

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.