Ads 468x60px

Pages

Thursday, April 22, 2010

පාරිභෝගික සේවයේ සිටින ඔබේ අවධානයටයි...!

අපි හැමෝම මිනිස්සු.ඇයි අපිට මිනිසා කියන්නේ?එහෙම කියන්නෙ මනසින් උසස් නිසයි.මනාව සිතා යමක් අවබෝධ කරගැනීමේ උසස් බුද්ධියක් අප සතුවන නිසාය.නමුත් හුඟක් අය තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරනවා අඩුයි.බුද්ධිමත් බව කියන්නෙ ඉගෙනගැනීමට ඇති හැකියාවට විතරක් නෙවේ.යම් කෙනෙක් කියන දෙයක් අවබෝධ කරගන්නටත් බුද්ධියක් තියෙන්න ඕන.
නමුත් ඇතැම් දුරකතන සමාගම් වල පාරිභෝගික අංශයේ සිටින අය පාරිභෝගිකයා ගැන චුට්ටක්වත් හිතන්නැහැ.එයාලට සමහරවිට අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උපාධියක් ඇති.එහෙම උපාධියක් තිබුන කියල පාරිභෝගිකාගෙන් එන පැමිණිලි නොසලකා හරින එක හරිද?ඔවුන් හිතනවා ඇති පාරිභෝගිකයා කියන්නේ කිසිත් නොදන්නා පුද්ගලයෙක් කියා.
මම මේ ගැන ලියන්න ඕන කියල හිතුනෙ මට වුණු සිද්ධියක් නිසා.මම කාලයක් Airtel GPRS පාවිච්චි කළා කියල මගේ කලින් සටහන් කියවපු අය නම් දන්නව ඇති.මම මේ කියන්නෙ ඒ දවස් වල වුණු සිද්ධියක්.මේ වගේ සිද්ධි දැනුත් ඕන තරම් වෙනවා.මට ආපහු මේ ළඟදිත් ඒ වගේ දෙයක් වුණා.ඒ නිසයි මේ සටහන ලියන්නෙ.
මම w200i මොබයිල් එකක් ආධාරයෙන් තමයි ඒ දවස් වල internet පාවිච්චි කළේ.හොඳට වැඩ කළා.නමුත් එක දවසක් හිටිහැටියේම ඒකෙ ගැටලුවක් ඇතිවුණා.හැබැයි ඊට කලින් දවසෙත් හොඳට වැඩ කළා.මැෂිමෙන් තියා mobile එකෙන්වත් internet හා සම්බන්ධ වෙන්න බැරිවුණා.මම ඒ mobile එකේ හැමදෙයක් ගැනම දන්නවා.මම දෙයක් ගැන පැමිණිලි කරන්න කළින් හොඳට හොයල බලනවා.ඒක මගේ පුරුද්දක්.ඉතින් මම Airtel GPRS වැඩ කරන්නැති හින්ද mobile එකේ settings reset කළා.ඊට පස්සෙ Mobitel GPRS settings දාගත්තා.ඒකෙන් ඉන්ටර්නෙට් හා සම්බන්ධ වෙන්න පුළුවන් වුණා.ඉතින් ඒ කියන්නෙ මගේ දුරකතනයේ දෝෂයක් නොමැති බව නේද?
ඉතින් මම Airtel එකට කථා කරල විස්තරේ කිව්වා.මම ගනිපු හැම වතාවකදිම සහයට ආවෙ ස්ත්‍රී පාර්ශවය.එයාලට විස්තර කිව්වම හැම වෙලාවෙම කියන්නෙ දුරකතනයෙ දැනට තියෙන settings ඉවත් කරල අලුතෙන් settings දාගන්න කියල.settings පිහිටුවාගෙන දුරකතනය අක්‍රීය කරල විනාඩි 5කින් විතර on කරන්නලු.එතකොට හරියාවිලු.මාත් ඒක දෙපාරක් විතර කළා.ඒත් හරිගියේ නැහැ.ඉතින් මම කිව්ව හරියන්නැහැ කියල.කොහොමහරි එක වතාවකදි පිරිමි කෙනෙක් answer කළා.එයාට සිද්ධිය මුල ඉඳන් කිව්වා.එයා කිව්වා එයාලගෙ network එකේ ගැටළුක් ඇතිවෙලා කියල මුළු ගාලු දිස්ත්‍රික්කෙටම බලපාන විදියට.ඒක හරි මොකද මම town එකේදිත් පරීක්ෂා කරල බලපු හින්ද.ඊට පස්සෙ තමයි මම නිහඬ වුනේ.ඇයි දෙයක් කිව්වම ටිකක් හොයල බලල පිළිතුරක් දෙන්න බැරි?
හරියට කතාව නම් තමන්ගෙ මොකුත් වැරැද්දක් නැහැ වගේ. :-/

3 අදහස් දැක්වීම්:

Supun Sudaraka said...

කාන්තා පාර්ශවයෙන් පාරි‍භෝගික සේවාවෙ ඉන්න ගොඩක් අය හිතන්නෙ තමන් කියන ‍දේ, හිතන දේ විතරයි හරියටම හරි කියල. ඕක මම ‍ගොඩක් අත්විඳල තියෙන දෙයක්. :D

Malinda - මාලින්ද said...

මලය හරි. හැමවෙලාවෙම අපි වැරදි. ඒ අය හරි. අපි මොනව හරි කරල හරි ගියත් ඒව වැරදි. මම හිතන්නෙ ඔය පාරිභෝගික නිළධාරීන් විදිහට ගන්න අයට ඇත්තෙ වෙන වෙන උපාධි වෙන්න ඇති

Unknown said...

oya kathawa nam hariyata hari ban.math godak katu kala thiyenawa mobitel aken.agollo hoyala balanne nethuwa thamai me dewal kiyanne.habai kalathurakin samahara ganu aya innawa hodata katha karana..samaharunta kiwuwahama phone 1 ayalage paribogika sewa sthanayakata genna kiyanawa....
den nam adsl thama....akath leda nodei kiyala hithenawa...

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.