Ads 468x60px

Pages

Wednesday, November 3, 2010

මේකත් SLT කතාවක්

මේකත් ඉතින් කලින් එක වගේ තමයි.මේකයි සිද්ධිය.ඔයාලට මතකයි නේද SLT(Sri Lanka Telecom) ළගෙ Twenty20 promotion එක?ඒ දවස් වල තමයි මේක වුනේ.දිගටම කියවන්නකො. :)

අපේ පැත්තෙ කට්ටිය ඒ දවස් වල අලුතෙන් connection ගත්ත.:D
ඉතින් අපේ ගෙදරට ඉස්සරහ ගෙදරටත් telecom එකෙන් ආව.මම ඉන්නෙ ඉස්සරහ කාමරේ නිසා ජනේලෙන් ඔක්කොම පේනවනෙ.මම ඉතින් සුපුරුදු පරිදි internet එකේ තමයි හිටියෙ වැඩක් කර කර.ඉතින් මේ හොඳට තිබිච්ච සම්බන්ධතාවය එක එකපාරම විසන්ධි වුනා.

මම ගිහින් phone එක වැඩද කියලත් බැලුව.ඒත් නැහැ.
මම හිතුව ඉතින් telecom එකේ අය වැඩ නිසා වෙන්නැති කියල.ඒ පාර මැෂින් එකත් off කරල වෙන වැඩක් කළා.ඉතින් අරගොල්ලන්ට අලුත් සම්බන්ධතාවය ලබා දීල telecom එකේ කට්ටියත් ගියා.මම හවස 6 ට විතර බැලුව අපේ phone එක වැඩද කියල.ඒත් නැහැ.

ආ මට කියන්න අමතක වුනානෙ.මේ සිද්ධිය වෙන කොට අපේ ගෙදරට phone bill එකත් ලැබිල තිබුන.බිල රු.4578 ක්.බිල ගෙවන්න තිබුනෙ ගිය මාසෙ 25 වෙනිදට.මේ සිද්ධිය වුනේ ඊට සතියකට විතර කළින්.

දැන් ඉතින් රෑ වෙලා.phone එකත් වැඩ නැහැ.මම අපේ ගෙදරට අල්ලපු ගෙදරින් ඇහුව phone එක වැඩද කියල.එයාලගෙ වැඩ.මම කෝකටත් කතා කළා telecom එකට මගේ mobitel එකෙන්.විනාඩි 15ක් විතර ඉන්න වුනා.ඔන්න ඒ පාර කොලු ගැටයෙක් ඇවිත් answer කළා.මම විස්තරේ කිව්ව.මගේ නමත් එහෙම අහගෙන ටික වෙලාවකින් මේ මනුස්සය ගත් කටටම කිව්වෙ නැද්ද "සර් ගෙ බිල නම් 4578 ක් තියෙනව" කියල...:D

මමත් ඉතින් කිව්ව ඒක ගෙවන්න තියෙන්නෙ 25 වෙනිදට කියල.ඒ පාර එයා සද්ද නෑ. complain එකක් දාන්නම් කිව්ව.මේ මනුස්සය කිව්ව විදියට මගේ බිල රු4578 ක් නිසා බ්ල ගෙවන්න තියෙන දවසටත් කලින් විසන්ධි කරල.මේ වගේ කතා කියන කට්ටියත් ඉන්නවනෙ ඉතින්...:(

කොහොම වුනත් මම ඊට පස්සෙ දවසෙ ටෙලිකොම් එකට ගියා.එතන හිටපු මිස් කෙනෙක් මගෙන් විස්තරේ ඇහුව.මම ඉතින් සම්පූර්ණ විස්තරේම කිව්ව.ඉස්සර ගෙදරට connection එක දීපු වෙලාවෙ තමයි කිව්ව මේක වුනේ.මිස්ටත් හිනා ඒක කිව්වම.:D
මම රෑ complain කරපු බවත් කිව්ව.ඒ මනුස්සය මට කියපු දේවලුත් කිව්ව.මිස් කිව්ව එහෙම විසන්ධි කරන්නැහැ කියල.මිසුත් එවෙලෙම call එකක් දීල විස්තරේ කිව්ව.කැඩිල වෙන්නැති කිව්ව.හදන්න එවන්නම් කිව්ව.

මම ගෙදර එනකොට telecom එකෙන් ඇවිත් හදනව.ඊට පස්සෙ වැඩේ ගොඩ. :)

7 අදහස් දැක්වීම්:

Nadun said...

ow Ban Custermer Care vala Ohoma Baka Panidathayo innva hariyta Unta Mole na samhra unta

සංකල්ප said...

මාර වැඩ තමයි වෙන්නේ. දැන් ඉතින් අර ඉලක්කම් හතරේ බිල ගෙවා දැම්මද ???

Anonymous said...

@මධුරංග : ඒක ගෙව්ව.ගෙවන්න වෙනවනෙ ඉතින් :D

ෂදීශ් ගේ සටහන said...

මගේ 10736 ක් ගෙදරටම් කථාකරලා කිව්වා 5000 වත් ගෙව්වෙ නැතනම් කපනවා කියලා....හරිම හොද අය

Madhawa Habarakada said...

SLT හොඳයි. මම දවසක් airtel එකට කතා කරල, මට හිතුන උගෙ බෙල්ල කඩන්න. :D
ඒ අගේ ගොනෙක් මම කොහෙවත් දැකල නෑ. අන්තිමට කිව්ව එකට මට බකස් ගාල හිනා ගියා.
"මහත්මයා අපි පොරොන්දු වෙනවා ඔබගේ ප්‍රශ්නය ...(‍මම කතා කළ දිනට දින 3ක් ඉදිරි දිනයක් කියයි)..දින සවස 4.30ට පෙර විසඳනවා" කියල.
මම ඉතින් උන්ට කුද ගහගන්න කියල, ප්‍රශ්නය මමම විසඳගත්ත. :D

Anonymous said...

@ෂදීශ් ගේ සටහන : :D

@Madhawa Habarakada : ඔව් අයියෙ,AIrtel එකේ අය ගැන නම් කතා කරල වැඩක් නැහැ.එයාලගෙ දැනුම ගොඩක් මදියි.දවසත් මට ubuntu වල internet settings වල අවුලක් ඇවිත් Airtel එකට කතා කළා.(ඒ දවස් වල මම Aittel GPRS පාවිච්චි කළා mobile එකෙන්)

call කරල ප්‍රශ්නෙ කිව්වම එයා කිව්ව "සර් අපේ settings වැඩ කරන්නෙ windows වලටයි XP වලටයි....."කියල කියාගෙන ගියා.ඔක්කොම කිව්වෙ වින්ඩෝස් පවුලෙ ඒව.මට හිනා,තද කරගෙන හිටිය.කොහොම හරි එයාට තේරුනා එයාට වැරදුනු බව.මිනිහ එයෙමම phone එක තිබ්බ.ඔන්න ඕකයි Airtel එකේ තත්වෙ.පස්සෙ මමම settings හදාගත්ත.උන් මෙලෝ දෙයක් දන්නැහැ.හැම වෙලාවෙම වරද්දගන්නව.

ShiraN said...

SLT බිල කීයක් තිබුණත් බයවෙන්න එපා. මගේ බිල 22340/- ක් වෙනකන් ගිහිල්ලා තිබුණා. 12000/- ක් විතර වෙනකොට එයාල call කරලා කිව්වා සතියකින් ගෙව්වෙ නැත්නම් කපනවා කියලා, ඒ දවස් වල සල්ලි පරශ්ණයක් තිබුණා ඉතින් කැපුවාවෙ කියලා හිටියා. මම බිල ගෙවනකන්ම මොකවත් ගැටලුවක් ආවේ නෑ

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.