Ads 468x60px

Pages

Tuesday, November 2, 2010

SLT ADSL

ඔන්න අද නම් කතා කරන්නෙ Internet සම්බන්ධව.මේක ඊයෙ වුනේ.කෙටියෙන් කිව්වොත් අන්තර්ජාල ගැටළුවක්.
මේකයි සිද්ධිය.මගේ Internet speed එක ගොඩක් අඩුවුනා පහුගිය දවස් ‍වල.දවස් 3ක 4ක වගේ ඉඳන්.හැම වෙලාවෙම එහෙමමයි.අනික නිතරම වගේ disconnect වෙනව.මම speed test කීපයකුත් කළා.මේ තියෙන්නෙ ඒව.මේව ගත්තෙ ඊයෙ.

කොහොමද ADSL ස්පීඩ් එක?මම පාවිව්වි කරන්නෙ 512 Kb/s පැකේජයක්.හරිම ෂෝක් නේද?හරි හරි ඉන්නකො ඉතුරු ටික කියනකන් :)

බැරිම තැන මම ඊයෙ කතා කරල කිව්ව සිද්ධිය.පැමිණිල්ල දාල පැයකට විතර පස්සෙ slt එකෙන් කතා කරල විස්තරේ ඇහුව.මම විස්තරේ කිව්වම එයාල කිව්ව මගේ connection එකේ speed අඩු බවක් තියෙනව තමයි කියල.කට්ටියක් එවන්නම් කිව්ව.කිව්ව වගේම කට්ටියක් ඇවිල්ල හදල දීල ගියා ඊයෙම.මම හිතුවෙ ගොඩක් කල් යයි කියල වැඩේට.
මේ විදියට සේවා සපයනවනම් කොච්චර හොඳද?එතකොට ඒ ආයතන කෙරෙහි මිනිස්සුන්ගෙ ඇති කැමැත්ත වැඩි වෙනව.එහෙම නේද?
අපි හැම දේකම නරක මෙන්ම හොඳත් දකින්න ඕන.ඒකයි මේ සටහන ලිව්වෙ.ගිහින් එන්නම්...

7 අදහස් දැක්වීම්:

nuwansrimal said...

dan 512kbs speed eka thiyanawada..mage connection ekath okamai ..oya awlama tiyanawa..

හිස් අහස said...

ඇත්තට ටෙලිකොම් එක ඒ වගේ නම් හොඳයි . මමත් ලඟදීම ADSLගන්න ඉන්නේ . මේ විදිහට නිතරම අඩුවෙනවද මන්දා ?

Anonymous said...

@srimalyapa : දැනට නම් ගැටළුවක් නැහැ.512Kb/s speed එක එන්නැහැ.ඒක සාමාන්‍ය දෙයක්නෙ.ඒත් ඒ හා ආසන්න වේගයක් ලැබෙනව.ඔයත් complain කළා නම් හරි.

@හිස් අහස : ඔව් දිගටම මේ වගේ ගුණාත්මක සේවයක් ලබා දුන්නොත් හොඳයි.නැහැ නිතරම අඩු වෙන්නැහැ.මේ වේගය අඩුවීම සිදුවුනේ මගේ සම්බන්ධතාවයේ ඇති වූ ගැටළුවක් නිසා.

Thusitha Sampath said...

ඇත්තටම මොනවා වුනත් යම් ගැටලුවක් තියේ නම් එව්වා ඉක්මටන නිරකරනය කරලා දෙන ඉක්මන් සේවාවක් තියෙනවා නම් ඉතින් කොච්චර හොදද?

Anonymous said...

SLT ටෙක්නිකල් එකේ සර්විස් එක අත්තටම හොදයි. මටත් ලොකු පොඩි ප්‍රශ්ණ ටිකක් ආවා. ‍Help Desk එකට කථා කළාම(1243)විස්තර ටිකක් අහනවා. එයාලට ඒක හදන්න බැරිනම් ටෙක්නිකල් එකට දානවා. එයාලත් ෆොන් එකෙන් කථා කරලා හදන්න ට්‍රයි කරනවා. බැරි උනොත් පහුවදාම(කථා කලේ රෑ නම්)නිළධාරියෙක් එවනවා.ඇවිල්ලා හදනවා.
අත්තටම එයාලගේ ටෙක්නිකල් සර්විස් එක නම් ගොඩක් හොදයි. නමුත් ටෙලිෂොප් වලයි ටෙලිකොම් මධ්‍යස්ථානවලයි ඉන්න වයසක කළටි ගෑනු ගැනනම් කතාකරලා වැඩක් නෑ.මෙලෝ රහක් නෑ. ප්‍රශ්ණයක් ඇහුවොත් මොකක් හරි විකාරයක් කියවනවා. මේලෝදෙයක් දන්නෑ. අලුතෙන් ගන්න යනවානම් ඒ තැන්වල ඉන්නවා අලුත් කොල්ලෝ කෙල්ලෝ උන්ගෙන් අහගන්න.

Anonymous said...

@Thusitha Sampath : ඔව් ඇත්තටම ගොඩක් හොඳයි.

@කි.අප්පුහාමි : ඔව් ඔයාගෙ කතාව ඇත්ත.නමුත් අපිට ගොඩක් උපකාර කරන අයත් ඒ තැන් වල ඉන්නව.මම කිව්වෙ මගේ අත්දැකීමෙන්.ස්තූතියි ප්‍රතිචාරයට.

Madhawa Habarakada said...

මටත් 512ම එන්නෙ නෑ හුඟක් වෙලාවට, නමුත් මොනවාහරි සොෆ්ට්වෙයා එකකින් ඒකට අදාල මොනවාහරි බානකොට නම් 60KBps විතර එනවා. නැත්තම් එන්නෙ ඊට අඩුවෙන්. 55KBps වගේ average එනවා.

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.