Ads 468x60px

Pages

Friday, June 11, 2010

Airtel ගැන යමක්...

අද තමයි ගොඩක් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ.මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕන.බය වෙන්නෙපා ඉතින්:D.ඔයා මුල ඉඳල මගේ බ්ලොග් එක කියෙව්වද?එහෙනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මම මුලදි Airtel Internet පාවිච්චි කළා කියල.ඉතින් මේකයි කතන්දරේ.මම ගොඩක් කාලෙකින් Airtel පාවිච්චි කළේ නැහැ.කොච්චර කල්ද කියනවනම් මගේ ළඟ සිම් 2ක් තිබුණා,ඒකෙන් එකක් බල රහිත කරල(Disabled).මට ඊයෙ නිකමට සිම් දාල බලන්න හිතුන ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ.අනිත් Airtel sim එකත් තව මාස 2කින් විතර බල රහිත වෙනවලු.ඉතින් හනි හනිකට රුපියල් 20ක් දාල ඇඟ බේරගත්තා:D.මාස 7කට විතර ආසන්න කාලයක් Airtel sim එකක් ඇල්ලුවෙවත් නැහැ.Voice & sms සඳහා මොබිටෙල් භාවිතා කරන නිසා තමයි එහෙම වුණේ.මොබිටෙල් වල GPRS නම් අල තමයි.අල නෙමේ පට්ට අල.3G ත් වෙලාවකට හොඳට වැඩ.සමහර වෙලාවට අල.අපිට ඕන වෙලාවට වැඩක් කරගන්න බැහැ.

ඉතින් මම අද මොබිටෙල් සැකසුම්(settings) ඉවත් කරල එයාර්ටෙල් settings දාගත්ත.පොඩි එකාගෙ ආසාවනෙ:D.දැන් එයාර්ටෙල් එකෙන් අලුත් දේවල් හඳුන්වල දීල ඇති.ඒ කිව්වෙ දත්ත විසඳුම්(Data solution),වොයිස් කෝල්(voice call),කෙටි පණිවුඩ(sms) ආදීන්.මම මෙලෝ දෙයක් දන්නැහැනෙ.කලින් මම පාවිච්චි කළේ රු.101ක් රීලෝඩ් කළාම ක්‍රියාත්මක වන පැකේජය(101MB)කෙටි පණිවුඩත් 100ක් ද කොහෙද හම්බුණා.ඉතින් තරහ නැතුව ඔහාල දන්න දැනට පවතින අලුත් විස්තර කමෙන්ට් එකක් විදියට දාන්න.

12 අදහස් දැක්වීම්:

Anonymous said...

රු.99/= රීලෝඩ් කරපන් මචෝ..එතකොට මෙගාබයිට් 400ක් එයාටෙල් ටු එයාටෙල් එස්.එම්.එස්.1000 කුයි විනාඩි 200ක ටෝක් ටයිම් එකකුයි හම්බවෙනවා

රු.25/= ක් රීලෝඩ් කලොත් මෙගාබයිට් 100යි එස්.එම්.එස්.500යි

මැක්සා නේ...:D

Anonymous said...

@Hasitha ජයසූරිය
එස්.එම්.එස් 500 ඕනම ජාලෙකටද?නැත්තම් එයාර්ටෙල් ජාලය තුළ පමණක්ද?
ගොඩක් ස්තූතියි දැනුවත් කළාට :)

Kanishka said...

sms 500 එයාටෙල් තුල පමණයි..

Anonymous said...

එයාටෙල් මේ දවස් වල අල වේගෙන එනවා හැම නිතරෙම ඩිස්කනෙක්ට් වෙනවා මම කෝල් දාලා ඇහුවා උන් එතකොට කිව්වා පද්ධතියට ලෝඩ් වැඩි වෙලාලු කියලා

කසුන් නදීශන said...

මට නම් Airtel 3g නෑ. දුක තමයි .

Anonymous said...

රු.25 ට තියෙන පැකේජයයි රු.99 ට කියෙන පැකේජයයි කොච්චර කාලයක් වලංගුද?

Anonymous said...

මාසයක් පුලුවන්

Anonymous said...

ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි මාව දැනුවත් කළාට.මාත් රු.25ක් රීලෝඩ් කළා.මෙහෙටත් Airtel3G නැහැ.

Anonymous said...

පිස්සුද අපේ පැතටත් 3ජි නැ එත් ස්පිට් නියමයි සිම් අරන් බලන්න

test said...

rs 20 kata airtel sim ekakma ganna. 400mb,1000sms ,200min airtel to airtel vocecall thiyanava ne wade labai rs 99 k relord karanne mokatada???

Anonymous said...

රු. 99ට විතරයි මාසයක් විතරයි... 25 නම් තියෙන්නේ සතියයි.

Reshan Chathuranga said...

25 සතියයි 99 මාසයයි..මම නම් සතියකට පාරක් 25 ක් දානවා...

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.