අද තමයි ගොඩක් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ.මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕන.බය වෙන්නෙපා ඉතින්:D.ඔයා මුල ඉඳල මගේ බ්ලොග් එක කියෙව්වද?එහෙනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මම මුලදි Airtel Internet පාවිච්චි කළා කියල.ඉතින් මේකයි කතන්දරේ.මම ගොඩක් කාලෙකින් Airtel පාවිච්චි කළේ නැහැ.කොච්චර කල්ද කියනවනම් මගේ ළඟ සිම් 2ක් තිබුණා,ඒකෙන් එකක් බල රහිත කරල(Disabled).මට ඊයෙ නිකමට සිම් දාල බලන්න හිතුන ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ.අනිත් Airtel sim එකත් තව මාස 2කින් විතර බල රහිත වෙනවලු.ඉතින් හනි හනිකට රුපියල් 20ක් දාල ඇඟ බේරගත්තා:D.මාස 7කට විතර ආසන්න කාලයක් Airtel sim එකක් ඇල්ලුවෙවත් නැහැ.Voice & sms සඳහා මොබිටෙල් භාවිතා කරන නිසා තමයි එහෙම වුණේ.මොබිටෙල් වල GPRS නම් අල තමයි.අල නෙමේ පට්ට අල.3G ත් වෙලාවකට හොඳට වැඩ.සමහර වෙලාවට අල.අපිට ඕන වෙලාවට වැඩක් කරගන්න බැහැ.
ඉතින් මම අද මොබිටෙල් සැකසුම්(settings) ඉවත් කරල එයාර්ටෙල් settings දාගත්ත.පොඩි එකාගෙ ආසාවනෙ:D.දැන් එයාර්ටෙල් එකෙන් අලුත් දේවල් හඳුන්වල දීල ඇති.ඒ කිව්වෙ දත්ත විසඳුම්(Data solution),වොයිස් කෝල්(voice call),කෙටි පණිවුඩ(sms) ආදීන්.මම මෙලෝ දෙයක් දන්නැහැනෙ.කලින් මම පාවිච්චි කළේ රු.101ක් රීලෝඩ් කළාම ක්‍රියාත්මක වන පැකේජය(101MB)කෙටි පණිවුඩත් 100ක් ද කොහෙද හම්බුණා.ඉතින් තරහ නැතුව ඔහාල දන්න දැනට පවතින අලුත් විස්තර කමෙන්ට් එකක් විදියට දාන්න.