
ඔන්න අදත් මම කියන්න යන්නෙ බොහොම චාම් ජංගම දුරකතනයක් ගැන.කලින් එකටත් වඩා සරලයි.මිලෙනුත් අඩුයි.හැබැයි ඉතින් අපි ජංගම දුරකතනයකින් බලාපොරොත්තුවෙන ප්‍රධාන දේවල් මේකෙත් තියෙනව.අපිට මූලික වශයෙන් ජංගම දුරකතනයක් ඕන වෙන්නෙ හදිසි අවස්ථාවකදි ඇමතුමක් ගැනීමට හෝ කෙටි පණිවුඩයක් යැවීමටනෙ නේද?ඉතින් මේ දුරකතනය ගැන සාරංශයක් පහත දක්වන්නම්.
- වර්ණවත් තිරයක් නැත
- ෆ්ලෑෂ්ලයිට් ඇත
- අනෙක් දුරකතන වලට සාපේක්ෂව තරමක් විශාල යතුරු පුවරුව
- සිංහල භාෂාවෙනුත් හැසිරවිය හැක
ඔයා පින්තූරෙ තියෙන එක හොඳින් බැලුවනම් පෙනේවි යතුරු පුවරුවෙ තිරස් අතට පමණක් ඉරි තිබෙන බව.මෙය දුහුවිලි රැඳීම අවම වන ආකාරයට සකසා ඇත.අනික කී පැඩ් එක තරමක් විශාල නිසාත් එහි ඉලක්කම් තරමක් විශාලවට ඇති නිසාත් ඇස් පෙනීම තරමක් දුර්වල අයටත් මෙහි ඇති ඉලක්කම් පහසුවෙන් කියවිය හැකියි.කැමතිනම් සිංහලෙන් උනත් හසුරුවන්න පුළුවන්.ටෝච් එකකුත් තියෙනවනෙ.මේකෙ ගත්තෙ රුපියල් 3200/= කට අවුරුද්දක වගකීමකුත් සමග.හොඳයි නේද?මේ ළඟදි ගත්තෙ.
3 අදහස් දැක්වීම්:
සාමන්‍ය පාවිච්චියට හොදටම හොදයි කියල මටත් හිතෙනව.වැඩි ගානකුත් නෑ.අඩගහල දුන්නත් කවුරුවත් හොරෙන් ගන්නෙත් නෑ.සමහරු 30ස් හතලිස් දාස් ගනන් දීල පෝන් ගත්තට තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට ජංගම දුරකතනයක් ගන්නෙ කීයෙන් කී දෙනාද?
කලර් ඩිස්ප්ලේ නැත. බ්ලූටූත් නැත. වයිපයි නැත. HSDPA නැත. මෙනවත්ම නැත.
කෝල් කිරීමේ පහසුතම සහ SMS පහසුකම ඈත. මේ දෙක ඔප්ෂන් එකක් වෙලා තියෙන රේඩියෝ, ටීවී සහ ප්ලේයර්නෙ දැන් තියෙන්නෙ.......
මරු ෆොන් එකග මාර ස්පීඩ් එකෙන් SMS කොටන්න පුළුවන්. මටනම් ලොකුම වාසිය ඒක.
Post a Comment
ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.