
දැන් ගොඩක් දෙනෙක් හොයන්නෙ අඩු මුදලකට ගන්න පුළුවන් වැඩි වැඩ නැති ජංගම දුරකතන.එහෙම නේද?ඉතින් මම අද ඔයාට කියන්නෙ ඒ වගේ ජංගම දුරකතනයක් ගැන.මේක හඳුන්වල දීල නම් දැන් අවුරුදු දෙකකටත් ආසන්නයි.පාවිච්චි කරන කට්ටියත් ඕන තරම් ඇති,නොදන්න අයටයි මේ සටහන.මේක Nokia1209.මේකෙ මූලිකම දේවල් ගැන මම කෙටි විස්තරයක් කරන්නම්.
- කැමරාවක් නැත
- GPRS නැත
- ෆ්ලෑෂ් ලයිට්(flashlight) ඇත
- වර්ණවත් තිරයක් සහිතයි
මෙහි ඇති flashlight විශේෂාංගය නම් ප්‍රයෝජනවත් කියල හිතෙනව.මොකද හදිසි අවස්ථාවකදි ටෝච් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් නිසා.මම පරීක්ෂා කරල බැලුව.සැළකිය යුතු තරම් ආලෝකයක් ලැබෙනව.අපේ ගෙදරත් මේ ගැජට් එක තියෙනවනෙ.අනික හදිසියෙ නැති උනත් හිත හදාගන්න පුළුවන්.රුපියල් 3950/= කට තමයි මම ගත්තෙ.මේ වත්මන් මිළ.එහෙනම් නැවත හමුවෙමු.
2 අදහස් දැක්වීම්:
අද උදේ මම මේකම ගත්තා. ඊට පස්සේ තමයි මේ ලිපිය දැක්කේ. නියම භාන්ඩේ. කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් 3960/= කට softlogic එකෙන් ගත්තේ.
@Tharaka Weerasekara
ඔව් ඇත්තටම.හරි සැහැල්ලුවක් දැනෙනව.හුරුබුහුටි භාණ්ඩයක් මේක.
Post a Comment
ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.