අද මම කියන්නෙ අන්තර්ජාලයේ වැඩිපුර රැඳිල ඉන්න අයට අදාල දෙයක්.මේක මහ ලොකු දෙයක් නෙවෙයි.අසීමිතව අන්තර්ජාලය භාවිතා කරන කොට අපි විවිධ අඩවි වලින් වැදගත් තොරතුරු ලබාගන්නව.ඉතින් සමහර අඩවි අපිට නැවත නැවත උවමනා වන අවස්ථාවන් ඕන තරම් තියෙනව.එම අඩවි වලට සම්බන්ධ වීම පහසු කරන්න තමයි Bookmarks(පොත් යොමු) තියෙන්නෙ.
මම භාවිතා කරන්නෙ Firefox.මේකට අදාළව තමයි මම මෙහි කරුණු දක්වන්නෙ.මගේ Bookmarks මෙනුවෙ දැනට Bookmarks 50 කට වඩා තියෙනව.ඉතින් මේවායින් කීපයක් හැර අනිත්ව මතකයේ රැඳෙනව අඩුයි.ඉතින් අපි මේ Bookmarks සුරැකුම් කරගන්න එක නේද හොඳ.අපිට දෘඩ තැටියට හෝ pen drive එකකට මේ Bookmarks සුරැකුම් කරගන්න පුළුවන්.අපිට කැමති නම් HTML විදියට වුනත් සුරැකුම් කරගන්න පුළුවන්.වැඩේ කරන්නෙ මෙහෙමයි.
මුලින්ම Bookmarks මෙනුවෙන් Organize Bookmarks තෝරන්න.දැන් පහත රූපයේ පරිදි Import and backup මෙනුවෙන් Backup තෝරන්න.

දැන් ඔයාට උවමනා තැනට Bookmarks සේව් කරගන්න පුළුවන්.නැවත එම සුරැකුම් කළ Bookmarks ලබා ගැනීමට නම් කළයුත්තේ Imports and Backups-->Restore-->Choose file තෝරා සුරැකුම් කළ ගොනුව ඇති ස්ථානය ලබා දීම පමණි.එය පහතින් පෙන්වා ඇත.

HTML ලෙස සුරැකුම් කරගැනීමට නම් Import and Backup මෙනුවේ ඇති Export HTML විකල්පය භාවිතා කරන්න පුළුවන්.
මේ සටහන ඔයාට වැදගත් වුනා නම් ඒක මට සතුටක්.ගිහින් එන්නම්.