Ads 468x60px

Pages

Saturday, September 25, 2010

ඔබත් අන්තර්ජාලයේ අසීමිතව සැරිසරනවද?

අද මම කියන්නෙ අන්තර්ජාලයේ වැඩිපුර රැඳිල ඉන්න අයට අදාල දෙයක්.මේක මහ ලොකු දෙයක් නෙවෙයි.අසීමිතව අන්තර්ජාලය භාවිතා කරන කොට අපි විවිධ අඩවි වලින් වැදගත් තොරතුරු ලබාගන්නව.ඉතින් සමහර අඩවි අපිට නැවත නැවත උවමනා වන අවස්ථාවන් ඕන තරම් තියෙනව.එම අඩවි වලට සම්බන්ධ වීම පහසු කරන්න තමයි Bookmarks(පොත් යොමු) තියෙන්නෙ.
මම භාවිතා කරන්නෙ Firefox.මේකට අදාළව තමයි මම මෙහි කරුණු දක්වන්නෙ.මගේ Bookmarks මෙනුවෙ දැනට Bookmarks 50 කට වඩා තියෙනව.ඉතින් මේවායින් කීපයක් හැර අනිත්ව මතකයේ රැ‍ඳෙනව අඩුයි.ඉතින් අපි මේ Bookmarks සුරැකුම් කරගන්න එක නේද හොඳ.අපිට දෘඩ තැටියට හෝ pen drive එකකට මේ Bookmarks සුරැකුම් කරගන්න පුළුවන්.අපි‍ට කැමති නම් HTML විදියට වුනත් සුරැකුම් කරගන්න පුළුවන්.වැඩේ කරන්නෙ මෙහෙමයි.
මුලින්ම Bookmarks මෙනුවෙන් Organize Bookmarks තෝරන්න.දැන් පහත රූපයේ පරිදි Import and backup මෙනුවෙන් Backup තෝරන්න.
දැන් ඔයාට උවමනා තැනට Bookmarks සේව් කරගන්න පුළුවන්.නැවත එම සුරැකුම් කළ Bookmarks ලබා ගැනීමට නම් කළයුත්තේ Imports and Backups-->Restore-->Choose file තෝරා සුරැකුම් කළ ගොනුව ඇති ස්ථානය ලබා දීම පමණි.එය පහතින් පෙන්වා ඇත.
HTML ලෙස සුරැකුම් කරගැනීමට නම් Import and Backup මෙනුවේ ඇති Export HTML විකල්පය භාවිතා කරන්න පුළුවන්.
මේ සටහන ඔයාට වැදගත් වුනා නම් ඒක මට සතුටක්.ගිහින් එන්නම්.

7 අදහස් දැක්වීම්:

Anonymous said...

මීට වඩා ලේසී නේද Xmarks වගේ ඇඩෝනයක් පාවිච්චි කරන එක, ඒකෙදි අපි පාවිච්චි කරන හැම browser එකක් එක්කම වගේ sync කරගන්න පුලුවන්, ඒත් එක්කම අපි ඒ බුක්මාක් එක අපි වෙනුවෙන්ම හැදුන xmarks ලගේ remotely තියා ගන්නව අපි කොයි ලෝකෙ හිටියත් අපේ username passwords ගහල ඒ වෙලේම අපේ බුක්මාක්ස් ලබා ගැනීමේ පහසුකම් තියනවා....

pradeep said...

elazzz mama backup kala, tnx for the info

Anonymous said...

@Anonymous
ඒ ක්‍රමේ හොඳයි.නමුත් මම මේ සටහනේ දැක්වුවේ Firefox මගින්ම Bookmarks උපස්ථ කිරීම ගැන.ස්තූතියි සහෝදරය දැනුම ලබා දීම ගැන.

@pradeep
ස්තූතියි ඔබට.මේ සටහනෙන් දෙයක් ඉගෙන ගැනීම මට සතුටක්.

-HacKrisH- | හැක්ක්‍රිෂ් said...

එල මචන්... නියමයි...

Anonymous said...

@-HacKrisH-
එල එල...

Madhawa Habarakada said...

මම ක්‍රෝම් වල bookmark sync භාවිත කරන්නෙ. ඕනෙම තැනකදි docs.google.com ගිහිල්ල බුක්මාක්ස් ටික බලන්න පුළුවන්නෙ, හැබැටි යන යනතැන සින්ක් කරන්නෙ නම් නෑ, ඒක ලෙඩක් වෙනව ඊලඟට. ඊලඟට ඒ බුක්මාක්ස් ටික esport කරල පෙන් එකට දාගන්නව කාලෙන් කලෙට. සහ ඒක import කරගන්නව firefox වලට. ඉස්සර නම් මම ඒ exported html එක මගෙ හොස්ට් එකටත් දාල තිබ්බ, නමුත් දැන් ඒක ඉවත් කරල තියෙන්නෙ. (bookmark sync ආවට පස්සෙ. :) )

Anonymous said...

එකත් හොදයි වගේ

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.