Ads 468x60px

Pages

Thursday, October 28, 2010

ඔයත් බයිසිකල් පදිනවනම් මේක කියවන්න.

මේක මට වුනු සිද්දියක්.මම වලංගු රියදුරු බලපත්‍රයක් හිමි අයෙක්.හැබැයි ඉතින් අත්දැකීම් නම් ගොඩක් අඩුයි.තවම පොඩි එකානෙ ;-)

හරි ඉතින් කතාව කියන්නම්කො.මම මේක කියන්න හිතුවෙ කාට හරි වැදගත් වෙයි කියල මට හිතෙන නිසා.මම දවසක් යතුරුපැදියෙන් යාළුවෙකුගෙ ගෙදර ගියා.ඒ යන අතරතුර තමයි මේක වුනේ.කාපට් කරපු පාර නිසා ඉතින් ටිකක් වේගෙන් ගියා.හැබැයි ගොඩක් වේගෙන් නෙමෙයි.50 km/h ක විතර වේගයකින්.ඉදිරියෙන් ත්‍රීරෝද රියක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රියක් ගමන් කරමින් තිබුන.මම ත්‍රීවීලරය පසු කළා.දැන් මට ඉදිරියෙන් වෑන් රිය ගමන් කරනව.
මොකද වුනේ....???
හදිසියේම වෑන් රිය වේගය අඩුකළා..මට මොකද වුනේ??මොනව වෙන්නද ඉතින් ක්ෂණයකින් තිරිංග යෙදුව මගෙ කකුල මටත් නොදැනිම...
මට හිතාගන්න බැරිවුනා එකපාරටම මොකද වුනේ කියල.බයිසිකලේ පිටුපස දරුණු ලෙස දෙපසට වැනෙන්න ගත්ත.හිතන්න එපා ගොඩක් වෙලා ගියා කියල මේ සිදුවීමට.ක්ෂණයකින් සියලු දේ සිදුවුනා.මම බිම නොවැටි බේරුණේ පුදුම වාසනාවකට.කකුල් දෙකෙන් තමයි පාලනය කරගත්තෙ.වෑන් රිය එහෙමම ඉදිරියට ගියා.මම බොහොම අමාරුවෙන් පාර අයිනෙන් බයිසිකලේ නවත්තගත්ත.ත්‍රීරෝදකරු තමා සිද්ධිය හොඳටම දකින්න ඇත්තෙ මම හිතෙන්නෙ.
එහෙම වුනේ බයිසිකලේ පිටුපස තිරිංග හිරවීම නිසා.ගමන් කරනකොට ක්ෂණිකව රෝදය නතර වුනාම වෙන දේ හිතාගන්න අපහසු නැහැ නේද.

ඊට පස්සෙ මම බොහොම හෙමින් යාළුවගෙ ගෙදර ගියා.
ඒක මට නම් කවදාවත් අමතක නොවන අත්දැකීමක්.අපි වාහනයක් පදවන්න ගන්න කොට ඒවගෙ දේවල් වෙයි කියල බලාපොරොත්තු වෙන්න ඕන.හැම දේකටම සූදානමින් ඉන්න ඕන.අනික අධික වේගයෙන් ගියා නම් මේ අනතුර මෙයින් කෙළවර වෙන්නෙත් නැහැ.
ඒ නිසා හැමෝම තමන්ට පාලනය කරගන්න පුළුවන් වේගයකින් වාහනය පදවන්න ඕන.බයිසිකල් විතරක් නෙවේ ඕනම වාහනයක්.
බයිසිකල් වල යන අය අනිත් අයට වඩා ගොඩක් අනාරක්ෂිතයි.ඒ බවත් හොඳට මතක තියාගන්න.අනික වාහනයේ දෝෂ ඇතිවන වෙලාවල් අපිට කියන්න බැහැනෙ.ඒ නිසා ඔයා පරිස්සම් වෙන්න.මම හිතනව මේ සටහන කාටහරි වැදගත් වෙයි කියල.ගිහින් එන්නම්....

8 අදහස් දැක්වීම්:

Anonymous said...

මමත් දවසක් පාර අයිනේ ඉන්නකොට ඔව වගේ සිද්ධියක් වෙනව දැක්කා. එ වෙලාවෙ ඒ බයිසිකලේ දෙන්නෙක් හිටියා. නමුත් එතනත් වාසනාවට මොකුත් වුනේ නෑ.
බයිසිකලයක තිරිංග යෙදීමේදී ඉදිරිපස තිරිංග වලට ප්‍රමුඛතාවය දෙන්න ඕන. පිටුපස තිරිංග ඉදිරිපස තිරිංගවලට ආධාරක ලෙස පමණයි යොදාගන්න ඕන.
පිටුපස තිරිංග යෙදීමේදී බයිසිකලය පැත්තකට ඇදෙනවා ගොඩක් වෙලාවට. වැඩියෙන් වුනොත් ඔබට වුනදේ තමා වෙන්නේ.
බයිසිකලය පැත්තට යනවා කියල දැනුන ගමන් කරන දේ තමයි තිරිංග නිදහස් කරන එක.ඊට පස්සේ ආපහු තිරිංග යොදන්න පුළුවන්. ඔය වගේ හදිසි අවස්ථාවක මම කරන වැඩක් තමයි තිරිංග එක දිගටම නොඅල්ලා ක්‍ෂිකව කිහිප වරක් තිරිංග අල්ලමින් නිදහස් කිරීම.

Anonymous said...

@Anonymous : ඔව් ඔයා කියන දේ හරි.මම පිටුපස තිරිංග යෙදුවම තිරිංග ටික වෙලාවක් තද වෙලාම තිබුන නිදයස් වෙන්නැතුව.ඒකයි එහෙම වුනේ.ස්තූතියි යාළුව අදහසට.

Gayan said...

අම්මෝ සාහර වෙලාවට මදුරුවො යන වේගෙ දැක්කහම අපිට බය හිතෙනව. දවසක් මම 70 ට (කාර් එකක්) විතර යද්දි මදුරුවෙක් ගියා මාවත් පහු කරගෙන. ඌ 90 ට වත් යන්න ඇති.

තව දෙයක් තමයි චූටි බබාල (මාස 2-3) අරගෙන යතුරු පැදි වල යන එක (දැක්කහම මම හිතෙන් කුනුහරපෙන් උන්ට බනිනව ඇර මොනා කරන්නද ).

Anonymous said...

ate machanla breke ata arinawa tiya hita ganna time 1 k natiwa wahane nawatta gana wenawa a welawata paga paga ata arinne komada he he..... ekane mama roda2n roda 3kata maru une
danam risk 1 tikak adui

Anonymous said...

brake thada karanna epa e welaawata gear walin bike eka control karanna .

pradeep said...

parissamain bayisikal padinakota,

සංකල්පනා - රුවන් said...

@Anonymous හරි

ඉදිරිපස තිරිංගත් පසුපස තිරිංගත් නිසි පාලනයකින් කරන්න. ඒක හොඳට පුරුදුනම් ඕනෙම ගොඩා..ක් අඩු දුරක වුවත් අඩු වෙලාවකදී හසුරවාගන්න පුලුවන්....

Anonymous said...

@ Gayan Balasooriya : මම නම් එහෙම නෑ ඔන්න.:)

@ 2nd Anonymous : ඔව් මචන් ඒකනම් ඇත්ත...:D

@ pradeep : ස්තූතියි යාළුවා...

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.