Ads 468x60px

Pages

Tuesday, October 5, 2010

නොදන්නා දේවල් දැනගන්න කැමතිද?

එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට ඕනම කෙනෙකුට ප්‍රශ්න මතුවෙනව.උදාහරණයක් විදියට පරිගණකයේ වැඩකරන කොටත් විවිධ ගැටලු මතුවෙනව.අපි හිතමු "පරිගණක හා අන්තර්ජාලය" සම්බන්ධ ගැටලුවක් මතුවුනා කියල.අපි එතකොට කරන්නෙ සෙවුමක් දාල තොරතුරු සොයන එක.සමහර වෙලාවට මේක මහ කරදරයක්.මොකද අපි තවත් වෙහෙසට පත්වන නිසා.මේකට විකල්පයක් තමයි Yahoo Answers.

ඉතින් මේ Yahoo Answers කියන්නෙ ඉතා වටිනා සේවාවක්.අප නොදන්නා දෙයක් ‍අනෙක් අයගෙන් අහල දැනගන්න පුළුවන්.ඒ වගේම අනිත් අයගෙ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් පුළුවන්.අවශ්‍ය වන්නේ yahoo email ගිණුමක් සහ ඉංග්‍රීසි දැනුම පමණයි.මමත් මේක භාවිතා කරනව.ගොඩක් සාර්ථකයි.බොහෝ විට ඉක්මනටම පිළිතුරු ලැබෙනව.සමහර වෙලාවට පිළිතුරක් නොලැබෙන්නත් පුළුවන්.මට එක වතාවයි එහෙම වුනේ.එවැනි පිළිතුරක් නොලැබුනු අවස්ථා වලදී Yahoo Answers මගින් එම ප්‍රශ්නය ‍පවත්නා කාල සීමාව දීර්ඝ කිරීමක් කරනව.පිළිතුරක් ලද සැනින් ඔබගේ ඊමේල් ගිණුම හරහා දැනුවත් කිරීමක් කරනව.

ඉතින් ඔයත් අදම අත්හදා බලන්න.පිවිසීම මෙතනින්.

2 අදහස් දැක්වීම්:

Unknown said...

Yahoo Answers මමත් පුද්ගලිකව භාවිතා කරලා තියෙනවා එසේම එය සාර්ථක වෙලත් තියෙනවා..

එසේම ටෙක් කථා,ලිනක්ස් කථා වැනි google සමූහද සිංහල සමාජයේ ප්‍රසිද්ධව තියෙනවා. මම හිතන්නේ සිංහලෙන් ප්‍රශ්ණ ඇසීමේ හැකියාව මීට බලපා තියෙනවා.

Anonymous said...

ඔව් ඔයා හරි :)

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.