Ads 468x60px

Pages

Wednesday, October 27, 2010

I installed Windows 7

ඔන්න මම මේ සටහන ලියන්නෙ windows 7 වල ඉඳන්.මම පරිගණකය අරගෙන දැන් අවුරුදු 5කටත් කිට්ටුයි.ඉතින් ගොඩක් කල්නෙ.ඒ වෙලාවෙ මේක ගන්න සෑහෙන්න මුදලක් ගියා.දැන් නම් මිළ ගොඩක් අඩුයි.මම ඉතින් ගනිපු දවසෙ ඉඳල භාවිතා කළේ Windows XP.ඒ දවස් වල තිබුනු හොඳම Operating System එක තමයි ඒ(මම දන්න විදියට).අනික මම ඒ කාලෙ Linux ආශ්‍රිත මෙහෙයුම් පද්ධති ගැන දැනගෙන හිටියෙත් නැහැ.

ඉතින් අලුත් මෙහෙයුම් පද්ධතියක් ආවම කාට වුනත් ආසාවට පාවිච්චි කරල බලන්න හිතෙනවනෙ.ඔහොම ඉන්නකොට තමයි windows Vista ආවෙ.ඉතින් ඒකට අවශ්‍ය කරන පද්ධති අවශ්‍යතා කොහෙන් හොයන්නද? :D
මම සුපුරුදු පරිදි XP ම පාවිච්චි කළා.ඇත්තටම අපේ වැඩකටයුතු වලට ඒක හොඳටම ප්‍රමාණවත්.දැනටත් එහෙම තමයි.

කොහොම වුනත් Vista එච්චර ජනප්‍රිය වුනේ නැහැනෙ.මම නම් දන්නැහැ ඇයිද කියල,මොකද මම ඒක පාවිච්චි කරල නැති නිසා.එක දවසක් මම යාළුවෙකුට විස්ටා install කරල දුන්න එයාගෙ ඉල්ලීම මත.මිනිහ ඒක දවස් දෙක තුනකින් අයින් කරල.ඊට වඩා xp හොඳයිලු :D

ඉතින් ඔහොම ඉන්නකොට තමයි Windows 7 ආවෙ.ඒක ඇවිල්ලත් ගොඩක් කල්නෙ.මම මේ ළඟදි මැෂිම upgrade කළා.ඉතින් ඒක නිසා windows 7 ස්තාපනය කරගන්න පුළුවන්කමක් ඇතිවුනා.දැන් මේක දාල සතියක් විතර ඇති.තිබිච්ච ලොකුම අවුල තමයි දවස් 30කින් expire වන එක :-/
ඒකටත් පිළියමක් හොයාගත්ත;-) හැබැයි හෙන කට්ටක් කන්න වුනා ඒක කරන්න ගිහින්.කොහොම වුනත් දැන්නම් ඉතින් කල් ඉකුත් වෙන්නැහැ.ඒ ගැන සතුටුයි.ඊට පස්සෙ මට අත්‍යවශ්‍ය මෘදුකාග ටිකකුත් දාගත්ත.

ඊට පස්සෙ තිබුනු ලොකුම අවුල තමයි sounds නැතිකම.මම Drivers ස්තාපනය කරන්න උත්සාහ කළා,ඒත් ඒක කරන්න බැරි වුනානෙ.ඉතින් එතකොට තමයි එක පාරටම "ශාකුන්තලගේ සටහන් පොත" මතක් වුනේ.මට මතකයි මේකට පිළියමක් එතන තිබුනු බව.ඉතින් පීරල පීරල ඒකත් හොයාගත්ත.මේ තියෙන්නෙ ඒ සටහන.ඉතින් ශාකුන්තල අයියට පින් සිද්ද වෙන්න ඒ ගැටළුවටත් පිළියම හොයාගත්ත.

දැන් ඉතින් තව ප්‍රශ්නයක් තියෙනව.ඒ මොකක්ද දන්නවද? ඒ තමයි දිගටම වින්ඩෝස් 7 භාවිතා කරනවද නැද්ද කියන එක :D

2 අදහස් දැක්වීම්:

Anonymous said...

විස්ටා දාපු නැති එක හොදයි. වින්ඩෝස් 7 වලට වඩා විස්ටා වලට ලොකු රැම් එකක් ඕනේ. අනික Startup එකේදී අනවශ්‍ය ප්‍රෝග්‍රෑම් ගොඩක් විස්ටා වලදී රන් වෙනවා. වින්ඩෝස් 7 වලදී නම් එහෙම නෑ අවශ්‍යම ටික විතරයි Startup එකේදී රන් වෙන්නේ.

dinesh said...

7න්,7න්......

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.