Ads 468x60px

Pages

Sunday, October 24, 2010

Internet Problems

අද මම සටහනක් ලියන්න නම් නෙවේ බලාපොරොත්තු වෙන්නෙ.මේක සාකච්ඡාවක්.එමුකො මාතෘකාවට.
අපි Internet භාවිතා කරනකොට විවිධ ගැටළු මතු වෙනව.එහෙම එකක් තමයි මේක.

මම මේක අත්හදා බලපු දෙයක්.මගේ ISP(Internet Service Provider) තමයි SLT.මම පාවිච්චි කරන්නෙ SLT ADSL.මට මේ වන විට සමහර අඩවි වලට සම්බන්ධ වීමට නොහැකියි.හැබැයි ඔයා කියයි තහනම් අඩවියක් කියල.නෑ එහෙම එකක් නෙවේ.මේ සම්බන්ධ වීමට නොහැකි අඩවි අසභ්‍ය දර්ශන කිසිවක් ඇතුළත් අඩවි නෙවේ.ගොඩක් වැදගත්කමක් තියෙන අඩවියි.

මම මගේ සම්බන්ධතාවයෙන් සම්බන්ධ විය නොහැකි නිසා Mobitel වලින් උත්සාහ කළා.ඒත් බැරි වුනා.එක පවුලෙ කට්‍ටිය නිසා වෙන්නැති නේද?ඒ නිසා Airtel වලින් උත්සාහ කළා.ඒකෙන් සම්බන්ධ වෙන්න පුළුවන් වුනා.දැන් ඉතින් තහනම් කළ අඩවියක් කියල කියන්න බැහැනෙ.මේ ගැටළුවට හේතුව ISP නේද?

අපි මේ ගැටළුව නිරාකරණය කරගන්නේ කොහොමද?

ඉතින් මේ සම්බන්ධව ඔයා දන්න දේ හැමෝටම දැනගන්න comment එකකින් ප්‍රකාශ කරන්න.

4 අදහස් දැක්වීම්:

Anonymous said...

matath oya case eka enawa. time out message ekak enne mokada danna

Shirosh said...

ඔව් මේක නම් ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය තියෙන්නේ SLT ADSL සහ Mobitel Broadband වලට. ඒගොල්ලන්ගේ DNS අවුලක් තියෙනවා. මෙකට තියෙන්නේ විසඳුම් දෙකයි. ඒගොල්ලන්ගේ කස්ටමර් සර්ව්ස් එක කතා කරලා කියන්න. නැත්නම් අදාළ වෙබ් අඩවියට හොස්ටින් සේවා සපයන ආයතනයට කියලා SLT/Mobitel වලට හරියන IP ලිපිනයකින් සර්වර් මාරුකිරීමක් කරගන්නන එක.
මටත් මේ ලෙඩේ ඇවිල්ලා තියෙනවා. www.vidyawa.com එකත් ඔය දෙගොල්ලන්ට වෙලාවකට පේනවා. වෙලාවකට පේනනේ නෑ. ඉතින් SLTට කියලා හදාගත්තත් Mobitelට කියලා හදාගන්න එකනම් ලේසි නෑ. පස්සේ බැරීම තැන ලංකාවටම වැඩ IP එකකින් Server transfer එකක් කරගත්තා.
මම මේ ප්‍රශ්නය ගැන මගේ බ්ලොගයේ(randikasilva.blogspot.com) පෝස්ට් එකක් දාන්න තමා ඉන්නේ. මේ වගේ ගැටලු ප්‍රචාරය කරනවට ස්තූතියි!

Anonymous said...

ස්තූතියි ඔබ දෙපලට...

kumaraya said...

eka eththa ... matath samahara evata yanna behe.

Post a Comment

ඔයාගේ අදහස්,යෝජනා මෙහි සඳහන් කරන්න.නොහොබිනා වචන භාවිතය සපුරා තහනම්.